ආණ්ඩුවේ පක්ෂ 8ක් පොහොට්ටු ලේකම්ට විරුද්ධව පෙරට

ආණ්ඩුව ගත් ජනප්‍රිය නොවන තීරණයක් වන ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළා දකින බව ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂ අටක නායකයන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක, ඇමති විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, ඇමති වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ, එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන අයගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.

ඉන්ධන මිළ ඉහළ නැංවීමේ තීරණය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්‌ සභ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන්‌ රැස්වුණු ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින්‌ ගනු ලැබූ තීරණයක්‌ වූ අතර එවැනි පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්‌ පත්‌ කළ මන්ත්‍රි සාගර කාරියවසම්‌ එම තීරණයේ වගකීම උදය ගම්මන්පිල ඇමති මත පටවා එමගින්‌ ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

එසේම පොදුජන පෙරමුණේ ලේකම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කිරීම හරහා ආණ්ඩුව තුළ කල්ලිවාදයක් ඇතැයි යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇති බවද ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...