නිරෝධායනය බල්ලාට මලගෙදර සරුවට

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික කටයුතු අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මව පසුගිය 7 වනදා මිය ගිය අතර ඇය මියයන විට 85 හැවිරිදි වියේ පසු විය . ලීලාවති සමරසිංහ මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ප්‍රභූ පරිශ්‍රය තුළ තැන්පත් කර තිබු අතර ඊයේ (08) අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු මහා සංඝරත්නයද විශාල වශයෙන් පැමිණ තිබේ ..

බොරැල්ල මල් ශාලාවේ සිට ඒ මහත්මිය උපත ලැබූ මොණරාගල – ඉත්තෑකන්දට ගෙනගොස් තිබේ .දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරු 4 ට පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. තිබු බව දැනගන්නට තිබේ

රට තුළ දැඩි සංචරණ නීති පනවා තිබෙන මෙවන් වටපිටාවක් යටතේ මෙවැනි අවමඟුල් උත්සවයක් පවත්වන්නේ කෙසේද? සාමාන්‍ය ජනතාවට කිසිදු උත්සවයක් පවත්වන්නට නොහැකි බව පවසන ආණ්ඩුව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමගුල් උත්සවය ජන ඒකරාශී වීම මැද පැවැත්වීම රටේ පොදු නීතිය උල්ලංඝනය කිරීමක් නොවේද? පසුගිය දින කීපය පුරාවටම රටේ විවිධ තැන්වල ජනයා ඒකරාශී කරමින් සිදු කරපු විවාහ උත්සව උපන්දින සාද පොලිසිය විසින් වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන වටපිටාවක් යටතේ, සහ තරු පන්තියේ හෝටල් වල උපන්දින සාද පවත්වා ආන්දෝලනයක් ඇතිවී තිබෙන වටපිටාවක් යටතේ පොලීසියේද මැදිහත්වීම ඇතිව අගමැතිවරයාද ගරු බුහුමන් දක්වමින් මැදිහත් වූ මෙවැනි අවමඟුල් උත්සව පවත්වන්නේ කෙසේද?. රටේ නීතිය එකිනෙකාගෙන් වෙනස් වන්නේ කෙසේද ?

මේ තමයි ආඩි හත් දෙනාගේ කැද හැලිය බඳු වූ ආණ්ඩුවෙත් ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් නිරෝධායන කැඳහැලිය. සුදු උන්ට සුදු නීතියකුත් කල් උන්ට කළු නීතියකුත් ක්‍රියාත්මක කරන නිරෝධායන නිතිය. කිව්වට එක රටක් එක නීතියක් කියා එක රටක නීති ගොඩකි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...