වාහන ස්ටිකර් වැඩේ අකුළ ගනියි

සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

කොළඹට ඇතුළු වූ වාහන 70,000 කට පළමු දිනයේ පමණක් ස්ටිකර් අළවා ඇති බවත් එම සංඛ්‍යාව සංචරණ සීමා පනවා තිබූ පසුගිය සතිය තුළදී කොළඹට පැමිණි වාහන සංඛ්‍යාවට සමාන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා තිබේ.

සිටිකර් ඇලවූ දිනයේ පමණක් කොළඹට සතියක වාහන ඇතුල්වී ඇති බවත් මෙම තත්වය හමුවේ ඇතැමුන් ස්ටිකරය අවභාවිතය කිරීමට ඉඩ ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා තිබේ.

දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ ඉදිරියේදී කිසියම් වාහනයක් අත්‍යවශ්‍ය සේවාවක් යැයි එහි ලිපිලේඛණ පරීක්‍ෂාවෙන් පසුව සනාථ වුවහොත් පමණක් ස්ටිකරය ඇලවීමට කටයුතු කරන බවත් ස්ටිකරය අලවාගෙන එය අවභාවිතය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

පහත දැක්වෙන්නේ විවිධ අවශ්‍යතා අනුව ස්ටිකර් ඇලවීමට නියමිතව තිබූ වර්ණයන් ගැන විස්තරයකි. එම විස්තරය අනුව එක්පැත්තකින් මෙපමණ පිරිසක් සාමාන්‍ය පරිදි මාර්ගවල ගමන් ගන්නේ නම් සංචරණ සීමා පනවා ඇති අරමුණ ඉටුවෙනවාද යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...