Breaking News

වාහන ස්ටිකර් වැඩේ අකුළ ගනියි

සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

කොළඹට ඇතුළු වූ වාහන 70,000 කට පළමු දිනයේ පමණක් ස්ටිකර් අළවා ඇති බවත් එම සංඛ්‍යාව සංචරණ සීමා පනවා තිබූ පසුගිය සතිය තුළදී කොළඹට පැමිණි වාහන සංඛ්‍යාවට සමාන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා තිබේ.

සිටිකර් ඇලවූ දිනයේ පමණක් කොළඹට සතියක වාහන ඇතුල්වී ඇති බවත් මෙම තත්වය හමුවේ ඇතැමුන් ස්ටිකරය අවභාවිතය කිරීමට ඉඩ ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා තිබේ.

දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ ඉදිරියේදී කිසියම් වාහනයක් අත්‍යවශ්‍ය සේවාවක් යැයි එහි ලිපිලේඛණ පරීක්‍ෂාවෙන් පසුව සනාථ වුවහොත් පමණක් ස්ටිකරය ඇලවීමට කටයුතු කරන බවත් ස්ටිකරය අලවාගෙන එය අවභාවිතය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

පහත දැක්වෙන්නේ විවිධ අවශ්‍යතා අනුව ස්ටිකර් ඇලවීමට නියමිතව තිබූ වර්ණයන් ගැන විස්තරයකි. එම විස්තරය අනුව එක්පැත්තකින් මෙපමණ පිරිසක් සාමාන්‍ය පරිදි මාර්ගවල ගමන් ගන්නේ නම් සංචරණ සීමා පනවා ඇති අරමුණ ඉටුවෙනවාද යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කර තිබුණි.

leave a reply