අලි ඇමතියෝ ගහපියව් තව අලි වැටවල්

කලා බළලු වැව් රක්ෂිත කියන්නෙ රජරට අලි ඇත්තුන්ගෙ හදවත . ඉඩම් හා කෘෂි ව්‍යාපාර නිසා ස්වකීය වනබිම් අහිමි උනු අලි ඇත්තු රාශියක් ජීවත්වෙන්නෙ කලාවැව , මින්නේරි කඩුල්ල කියන වැව් ත්‍රිත්වය ඇතුලෙ . ගල්ගමුව , කැකිරාව , තිරප්පනේ , නාච්චදූව , රිටිගල , හබරණ මේ හැමතැනම ඉන්න අලි ඇත්තු කාලෙන් කාලෙට තම තමන්ගෙ ගොදුරුබිම් විදියට භාවිතා කරන කලා බළලු වැව් පිටිය තමයි අලින්ගෙ ප්‍රධාන වාසස්ථානයක් උනේ . මේ නිසාමයි කලාවැව යෝජිත උද්‍යානය , ජාතික උද්‍යානයක් ලෙස ගැසට් කරල මේ සතුන්ගෙ ජීවිත සුරක්ෂිත කලයුතුයි කියන තැන අපි හිටියේ . .

කලාවැව ජීවිතේ කරගත්තු අලි ඇතුන් රාශියක් අපිට පහුගිය කාලෙ ඇතුලත අහිමි උනා . අනවසර වගා කටයුතුත් , ජල විදුලිබල ව්‍යාපෘතියත් නිසා වැව් පිටිය පසුගිය අවුරුදු කීපයම වතුරෙන් පිරිල තිබුණේ . අලින්ට පාරම්පරිකව උරුම උනු වැව් පිටිය අහිමි උනා . ඒ අලි ඇතුන් සියලු දෙනාම කුඩා රංචු හා තනි තනිව ගම් වැදුණා . මේ සියල්ලේම ප්‍රතිඵලයක් විදිහට අද රේවත ඇතත් අනවසර විදුලි රැහැනක් හේතුවෙන් මිය යනවා .

කලාවැවේ ඉන්නෙ දැදුරුඔය නිම්නයේ ඇත් පරපුර .අතීතයේ හීලෑ කිරීමටත් අල්ලන ලද සුප්‍රසිද්ධ අලි පරපුර තමයි මේ දැදුරුඔය නිම්න ඇත්තු . දැවැන්ත දළ යුවළත් , අංග සම්පූර්ණ ශරීර ලක්ෂණත් , සුවිශේෂී ඇත් ජානයත් නිසා මේ අලි ඇත්තු රටටම සම්පතක් . හේන් පිටියවල් වල , වෙඩි වැදිලා , විදුලි සැර වැදිලා ” සත්තු ” මැරෙන්නෙ මේ රටේ , මේ මහපොළොවෙම ඉපදිලා අපිට වගෙම ජීවිතේ ගැන අයිතියක් තියෙන , රටට ණයක් නැති ” ඇත්තු

ශෂිකළණ රත්වත්ත

Share post:

Popular

වෙනත් පුවත්

සාහිත්‍ය මාසයේ පුරාජේරු සහ තිත්ත ඇත්ත

සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ...

සිංහරාජ අඩවියේ යෝශිත රාජපක්ෂ ගේ හෝටලයේ සැබෑ තත්ත්වය පිළිබඳ හෙළිදරව්ව.

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර...

නව ව්‍යවස්ථාවක් ගෙන එනවනම් නීතිඥ සාලිය පීරිස්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? යන  තේමාව...

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...