වසංගතයේ ලාභය උන්ට – කඳුළු ස්ත්‍රීන්ට, නොඉවසමු! සටන් වදිමු! නිදහස උදෙසා කාන්තාවන් උද්ඝෝෂණ පෙළපාලියක

මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් පැවැත්වූ උද්ඝෝෂණ පෙළපාලිය අද කොළඹදී පැවැත්වුණි. වසංගතයේ ලාභය උන්ට – කඳුළු ස්ත්‍රීන්ට, නොඉවසමු! සටන් වදිමු! යන තේමාව යටතේ පැවැත්වූ පෙළපාලිය ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළ අතර එහිදී පොලීසියේ දැඩි බාධා කිරීම් එල්ලවනු දැකිය හැකිවිය.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තාව ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ තමන් සාමකාමී පෙළපාලියකින් ජනාධිපති කාර්යාලය අසළට පැමිණියේ මැද පෙරදිග දුක් විඳින ශ්‍රමික කාන්තාවන්, ඇඟලුම් සේවිකාවන්, වතු කම්කරු කාන්තාවන් අනිත් පසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහා පීඩාවට පත්ව සිටින කාන්තාවන් තමන්ගේ ඡන්ද ලබාගැනීම සඳහා පමණක් පාවිච්චි කිරීම නවතා දමන ලෙස මතක් කරදීමට බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...