Breaking News

වසංගතයේ ලාභය උන්ට – කඳුළු ස්ත්‍රීන්ට, නොඉවසමු! සටන් වදිමු! නිදහස උදෙසා කාන්තාවන් උද්ඝෝෂණ පෙළපාලියක

මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් පැවැත්වූ උද්ඝෝෂණ පෙළපාලිය අද කොළඹදී පැවැත්වුණි. වසංගතයේ ලාභය උන්ට – කඳුළු ස්ත්‍රීන්ට, නොඉවසමු! සටන් වදිමු! යන තේමාව යටතේ පැවැත්වූ පෙළපාලිය ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළ අතර එහිදී පොලීසියේ දැඩි බාධා කිරීම් එල්ලවනු දැකිය හැකිවිය.

මේ අවස්ථාවේ අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තාව ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ තමන් සාමකාමී පෙළපාලියකින් ජනාධිපති කාර්යාලය අසළට පැමිණියේ මැද පෙරදිග දුක් විඳින ශ්‍රමික කාන්තාවන්, ඇඟලුම් සේවිකාවන්, වතු කම්කරු කාන්තාවන් අනිත් පසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහා පීඩාවට පත්ව සිටින කාන්තාවන් තමන්ගේ ඡන්ද ලබාගැනීම සඳහා පමණක් පාවිච්චි කිරීම නවතා දමන ලෙස මතක් කරදීමට බවයි.

leave a reply