අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල බොහෝ පිරිසකගේ විවේචනයට ලක්ව තිබේ. සමාජ මාධ්‍ය හරහා විරෝධය පළකරන පිරිස් පවසන්නේ ඩඩ්ලිගේ අරලිය හෝටලයට, වෙරළ තීරවල පිහිටි ඊශ්‍රායල ජාතිකයන්ට අයත් අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මක නොවන බවයි.

මෙම අනවසර ඉදිකිරීම් සම්බන්ධ විශේෂ අවධානයක් ලැබෙන්නේ ගාල්ල, දෙවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ මාළු වෙළඳ සැල් ඉවත් කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) පෙරවරුවේ සිදු කරනු ලැබීමත් සමගයි.

දෙවට වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස මීට දින 10 කට පමණ පෙර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් අනවසර කඩ හිමියන් වෙත දැනුම් දී තිබී ඇත. අනවසර කඩහිමියන් වැඩි දෙනකු අනවසර වෙළඳ සැල් ඉවත් කරගෙන තිබුණි. එහෙත් අනවසර මත්ස්‍ය වෙළඳ සැල් කිහිපයක් ඉවත්කරගෙන නොතිබුණි.

කෙසේ වෙතත්, මෙම ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් අදාළ වෙළෙඳුන් දැඩි අප්‍රසාදය පළ කර සිටින අතර ඔවුන් සඳහන් කරන්නේ මීට පෙර තමන් වෙළඳාම් කටයුතු කළ ස්ථානවලින් ඉවත් කර, නගර සභාවේ බලධාරීන් විසින්ම මෙම ස්ථානයේ කඩ සාදා දුන් බවයි.

පෙර දැනුම්දීමකින් තොරව සහ ද්‍රව්‍ය අයින් කරගැනීමට පවා ප්‍රමාණවත් කාලයක් ලබා නොදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හදිසියේම පැමිණ මෙලෙස තම වෙළඳසැල් ඉවත් කළ බවට ඔවුන් චෝදනා කරනු ලැබීය.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ, අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙස වෙළෙඳුන්ට මීට පෙර නිසි ලෙස දැනුම් දී තිබූ බවය.

වෙරළ කලාපයේ ඇතුළුව නගර කිහිපයකම පසුගිය කාලයේ පදික වේදිකාවේ වෙළඳාම් කිරීම් සහ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිදුකෙරෙමින් පවතියි. නමුත් මේ ආකාරයට ඉවත් කෙරෙන්නේ දුප්පත් ජනතාව එදිනෙදා වේල සරිකර ගැනීම සඳහා ඇති ආදායම් මාර්ගයි. මෙම නීතිය මහාපරිමාණ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වේද නැද්ද යන්න ගැන ජනතාව අවදියෙන් පසුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...