අපි කියන එකක් විතරයි, සියලු කොවිඩ් මරණ ආදාහනය කරන්න – භික්ෂූන් විරෝධතාවයක

කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්වන සියලුදෙනාගේ දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලා ජාතික භික්ෂු සංවිධාන අද (28) ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වී තිබේ.

එහිදී ඔවුන් ඊට අදාළව තොරතුරු ඇතුළත් සංදේශයක්, ඒ මොහොතේ වෙනත් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට භාරදීමටයි කටයුතු කරනු ලැබ තිබේ.

භික්ෂූ සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය කරනු ලැබුවේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමට යම් කොන්දේසිවලට යටත්ව ඉඩදිය යුතු බව ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ, සාමග්‍රිී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපතිවරයා වෙත ලිඛිතව පෙන්වා දී තිබෙන තත්ත්වයකදී වීම විශේෂත්වයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා භූමදානය කළ හැකි බව පිළිගෙන තිබියදී මෙම අනිවාර්ය ආදාහනය අසාධාරණ බව මුස්ලිම් සමාජය හඬ නගමින් සිටියි. ඒ අනුව මෙම තීරණය වෙනස් කරන ලෙස මුස්ලිම් සමාජය ආණ්ඩුවට ආයාචනා කරමින් සිටියි. සෞඛ්‍ය විද්‍යාත්මකව එම ඉල්ලීම ඉටුකිරීම ගැන සොයා බැලීම රජයේ වගකීමකි.

ලෝකයේ කිසිදු රටක වෛරසය ආසාදිතව මිය ගියවුන් ස්පර්ශ කිරීමට හෝ ආසන්නයට යාමට අවසර දෙන්නේ නැති නමුත් විවිධ ආගමික සංස්කෘතීන්ට ගරු කරමින් ආදාහනයට හෝ භූමදානයට අවසර ලබාදී ඇත. එවැනි කරුණු නොතකමින් මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම යටපත් කිරීමට උත්සහ කිරීම යනු ජාතීන් අතර සංහිදියාවට බරපතල තර්ජනයක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්