අපි කියන එකක් විතරයි, සියලු කොවිඩ් මරණ ආදාහනය කරන්න – භික්ෂූන් විරෝධතාවයක

කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්වන සියලුදෙනාගේ දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලා ජාතික භික්ෂු සංවිධාන අද (28) ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වී තිබේ.

එහිදී ඔවුන් ඊට අදාළව තොරතුරු ඇතුළත් සංදේශයක්, ඒ මොහොතේ වෙනත් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට භාරදීමටයි කටයුතු කරනු ලැබ තිබේ.

භික්ෂූ සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය කරනු ලැබුවේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමට යම් කොන්දේසිවලට යටත්ව ඉඩදිය යුතු බව ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ, සාමග්‍රිී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපතිවරයා වෙත ලිඛිතව පෙන්වා දී තිබෙන තත්ත්වයකදී වීම විශේෂත්වයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා භූමදානය කළ හැකි බව පිළිගෙන තිබියදී මෙම අනිවාර්ය ආදාහනය අසාධාරණ බව මුස්ලිම් සමාජය හඬ නගමින් සිටියි. ඒ අනුව මෙම තීරණය වෙනස් කරන ලෙස මුස්ලිම් සමාජය ආණ්ඩුවට ආයාචනා කරමින් සිටියි. සෞඛ්‍ය විද්‍යාත්මකව එම ඉල්ලීම ඉටුකිරීම ගැන සොයා බැලීම රජයේ වගකීමකි.

ලෝකයේ කිසිදු රටක වෛරසය ආසාදිතව මිය ගියවුන් ස්පර්ශ කිරීමට හෝ ආසන්නයට යාමට අවසර දෙන්නේ නැති නමුත් විවිධ ආගමික සංස්කෘතීන්ට ගරු කරමින් ආදාහනයට හෝ භූමදානයට අවසර ලබාදී ඇත. එවැනි කරුණු නොතකමින් මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම යටපත් කිරීමට උත්සහ කිරීම යනු ජාතීන් අතර සංහිදියාවට බරපතල තර්ජනයක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...