පාරිකල්පිත ‘නවසේද මාවත’හෙට සජීවීව

ඉන්දීය මහා සයුරේ වැලි සම්පත කොල්ල කමින්, එ සයුර මත ම හිස ඔසවන, ‘තීර්ථ නගරය’ නම් කුඩා ‘අනාගතවාදී’ කෘත්‍රීම දූපත, චීන සමාගමක් විසින්, ඉපැරණි සේද මාවතේ හදවත බඳු කොළඹ නගරය අබියස, (මේ වන විටත්) ගොඩනැංවෙනු ලබමින් තිබේ.

‘විශ්වීය නගරයක්’, ‘තිරසාර නගර නිර්මිතයක්’, ‘දැකුම්කලු ගාම්භීර නරගයක්’, ‘ජීවිතය විඳින්නට වටින නගරයක්’ බඳු ආකර්ෂණීය (වෙළෙඳ) ප්‍රචාරණ සංකල්ප හරහා ‘තීර්ථ නගරය’ ඔසවා තැබීමේ අභිලාෂය වන්නේ විස්තාරිත කොළඹ නගරය, දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය පත්කීරීමයි.

සුරංග කටුගම්පල සහ ජැස්මින් ඛාන් විසින් පරිකල්පිත, ඉතාලියේ මිලානෝ නගරයේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා නිරූපනය කෙරෙන මෙම ‘’වීඩියෝ ස්ථාපන කලා කෘතිය’’ තුළ වන ප්‍රක්ෂේපන ක්‍රීඩනය තුළින් මතුකෙරෙන තවමත් යථාර්ථයක්ව නො පවතින නගරක් පිළිබඳ ‘ප්‍රති-ප්‍රවාචනයක්’ (anti-rendering) උදෙසා අනාගතවාදී (දුරදක්නාසුළු) විකල්පවූත් අර්ථාන්විත වූත් පණිවිඩයක් වෙත සහෘදයා කැඳවනු ලබයි.

ඉදින්, පාරිකල්පිත ‘නවසේද මාවත’ නම් (ඇටසැකිල්ල) සැකිල්ල මත, දැලක්වන්ව එළන ලද ජනතාව සහ බඩුභාණ්ඩ චනය වන්නාවූ රැලි නැගෙන සාගරය සහ වංගු සහිත ගොඩබිම ඇතුළත් ‘විභාවිත’ (conceived) භූමි දර්ශනය තුළ මානව අධ්‍යාත්මයේ සහ මානව ශරීරයේ ආශාව (සහ ප්‍රමෝධය) නව මානයකින් විකසිත වෙමින් තිබේ.

https://www.facebook.com/events/280621786613655/

හෙට ඉතාලි වේලාවෙන් සවස 6.00 ට  ඉහත ලින්ක් එකෙන් ඇතුල් වෙන්න

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...