මනම්පිටිය වැලි මංකඩ පරිසර හානියට සහ ශ්‍රම සූරා කෑමට එරෙහිවූවන්ට මැර ප්‍රහාරයක්

මනම්පිටිය වැලි මංකඩ පාරිසරික හානියට සහ එහි සේවකයන්ගේ ශ්‍රමය නරුම ලෙස සූරා කෑමට එරෙහිව මැදිහත් වූ පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.
මෙම සේවක විරෝධතාව අවස්තාවේ ඊට සහාය පළකරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පෙ.ස.ප. මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා ඇතුළු කිහිප දෙනකු මෙම මැර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

පොලොන්නරුව මනම්පිට්ය වැලි තොටුපල අසල දිර්ඝ කාලයක් තිස්සේ වැලි ජාවාරම්කරුවන් විසින් පරිසරය වනසමින් සිටින බව ප්‍රසිද්ධ කාරණයකි. තනි තනි අයිතිකරුවන් යටතේ තිබියදීත්, සමාගමක් යටතේ තිබියදීත් මෙය සිදු විය. පරිසරය වැනසීම පමණක් නොව මෙහි සේවකයන්ගේ ශ්‍රමයද නරුම ලෙස සූරා කෑමට පසුගිය කාලය පුරා කටයුතු කර තිබුණේ ඔවුන්ට හිමි කිසිඳු සේවක අයිතිවාසිකමක් ලබා දීමකින් තොරවය. ඊට එරෙහිව සේවක සමිතියක් ආරම්භ කිරීමට සේවකයන් කටයුතු කල අතර පසුගිය දින එම සේවක සමිතියේ කටයුතු වල නිරත වෙමින් සිටියදී වැලිමංකඩ යලි පවරා ගැනීමට අගමැති කාර්යාලයේ ලිපියක් රැගෙන පැමිණි පිරිසක් උත්සාහ ගැනීම නිසා ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබේ. සේවක වෘත්තිය සමිතියේ මැදිහත්වීමෙන් මෙම හදිසි කඩාවැදීම සම්බන්ධව විරෝධය පළකර ඇත. එහිදී සේවකයන් විරෝධතා දක්වන විට මේ ප්‍රහාරය එල්ල කර ඇත.

ඇමති රෝෂාන් රණසිංහගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බව වැලිමංකඩ සේවකයෝ චෝදනා කරති.

ප්‍රහාරයෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඉන්ද්‍රානන්ද සිල්වා

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...