වෘත්තීය ක්‍රියා මාර්ග හමුවේ නොගෙවූ අතිකාල කබා දීමට එකඟවේ

Date:

දකුණු පලාත් සභාවට අනියුක්ත රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවකයන්ට මැයි මාසයට ලැබිය යුතු අතිකාල දීමනා ජුලි මස 06 වන දිනට පෙර ලබාදෙන බවට ලිඛිතව දැනුම්දෙන ලද බව සමස්ත ලංකා සෞඛ්ය සේවක සංගමය කියයි.

මැයි මස ගෙවිය යුතු අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පළ කරමින් බලපිටිය රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මැයි 22 වන දින විරෝධතාවක් දක්වන ලදී. අනතුරුව සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටියේ ජුනි වැටුපට අප්‍රේල් සහ මැයි අතිකාල දීමනාව ලබාදෙන ලෙසය.. බලධාරීන් ඊට ඒකඟතාවක් පළ නොකළ අතර ජුනි 11, 12, සහ 13 යන දිනවලදී බලපිටිය රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූහ. එහිදි දකුණු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසා සිටියේ අතිකාල දීමට මුදල් නොමැති බවය. එහෙත් යින් පසුබට නොවූ සෞඛ්‍ය ාක්රය මණ්ඩල සාමාජිකයෝ අරගලයට ඇල්පිටිය රෝහලේ සහයෝගයද ලබාගෙන සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථකව පවත්වාගෙන යන ලදී. එමෙන්ම දකුණු පලාත් සභාවට අනියුක්ත වලස්මුල්ල, තංගල්ල, දෙබරවැව ඇතුළු රෝහල්වලද සේවක විරෝධතා දියත් කෙරිණ.

මේ අතර ඇතැම් වෘත්තීය සමිති අරගලයෙන් බැහැර වූයේ අප්‍රේල් මස අතිකාල පමණක් ලබාදෙන බවට ආණ්ඩුකාරවරයාගේ ලිපිය අනුවය. අප්‍රේල් මස අතිකාල කොහොමත් ජුනි වැටුපට ලැබීමට නියමිත බව දක්වමින් හිඟ සියලු අතිකාල දීමනා ලබාගැනීමේ සටන ඉදිරියට ගෙනයාමට සමස්ත ලංකා සෞඛ්ය සේවක සංගමය පියවර ගන්නා ලදී.

දින 06 ක් සේවයෙන් බැහැරව සිටි පසුව, ජුනි 17 දකුණු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සෞඛ්‍ය සේවක වර්ජකයන් කැඳවා පැවති සාකච්ඡාවද අසාර්ථක විය. නැවත ජුනි 22 ආණ්ඩුකාරයා සමඟ සාකච්ඡාවක් සඳහා දින ලබා දුන්නද ඔහු විසින් එය මගහරින ලදී. කෙසේවුවද ජුනි 23, 24 අසනිප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා ලදී.

අද(24) දින අතිකාල ගෙවීම සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් සෞඛ්‍ය සේවකයන්ට ලැබුණේ ජයග්‍රහණය අර්ධ වශයෙන් සම්පූර්ණ කරමිනි. ජුලි 06 වැනිදා මෙම හිග ගෙවීම් සිදුකරන බවට ලිපියක් රෝහල් අධ්‍යක්ෂ විසින් බලපිටිය රෝහල් සේවකන්ට ලබාදී ඇති අතර දකුණු පලාතට අනියුක්ත අනෙකුත් රෝහල්වලටද ලැබේවී යැයි අප සිතමු.

මේ අතර සමස්ත ලංකා සෞඛ්ය සේවක සංගමය ෆේස්බුක් සටහනකින් පවසන්නේ “නොගෙවූ අතිකාල දීමනා අතට ලැබෙනතුරු අරගලය අවසන් නැති බවය. ඒම සටහනට අනුව, සෞඛ්‍ය සේවකයන්ට දිනාගැනීමට බොහෝ දේ ඇත. එමෙන්ම මෙවැනි ජයග්‍රහණයක් අත්පත්කර ගන්නා ලද්දේ අඛණ්ඩව සටන් කිරීම හේතුවෙනි. එබැවින් අයිතවාසිකම් දිනාගැනීමේ මාවත, සමගිව සටන් වැදීම, බව නැවත සනාථ වූ බව ඒම සංගමය ‌ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...