Breaking News

උසාවියෙන් ඇප නියමවූ රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගමයේ ලේකම් නිරෝධායනය යවලා

රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ අත්අඩංගුවට ගෙන ඇප නියමවීමෙන් පසු ඔහුව නිදහස් නොකොට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ. මේ සිසුවාගේ නිවසට පොලිසියෙන් පැමිණ පසුගිය නඩුවකට යැයි පවසමින් 20 වන දින ඔහුව අත්තඩංගුවට ගෙන තිබුණි. පසුදින මාතර අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔහු හට ඇප නියම වූ නමුත් ඔහුව නිදහස් නොකොට ආණ්ඩුව මැදිහත් වී නිරෝධායන කදවුරකට යොමු කර තිබේ. මේ පිළිබඳ අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරන්නේ අයිතීන් වෙනුවෙන් හඩ නගන සියල්ලන්ට නිරෝධායන නීති වලට මුවා වී සුක්ෂම ලෙස ආණ්ඩුව මර්දනය ගෙන එමින් සිටින බවයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේනගේ උම්මන්තක ක්‍රියාකලාපය හේතුවෙන් සිසුන් බරපතළ ලෙස පීඩාවට පත්ව සිටින බව පසුගිය කාලයේ ශිෂ්‍ය සංවිධාන විසින් චෝදනා ලදී. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාලය වසා දමා තිබෙන මේ මොහොතේ පවා ශිෂ්‍යභාවය අහෝසි කළ ලිපි සිසුන්ගේ නිවෙස්වලට ඒවා ඇති බවයි. දින කිහිපයකට පෙර වෛද්‍ය පීඨයේ සිසුවෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර දමා ඇති බවද ඔවුන් පවසයි.

leave a reply