උසාවියෙන් ඇප නියමවූ රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගමයේ ලේකම් නිරෝධායනය යවලා

රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ අත්අඩංගුවට ගෙන ඇප නියමවීමෙන් පසු ඔහුව නිදහස් නොකොට නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ. මේ සිසුවාගේ නිවසට පොලිසියෙන් පැමිණ පසුගිය නඩුවකට යැයි පවසමින් 20 වන දින ඔහුව අත්තඩංගුවට ගෙන තිබුණි. පසුදින මාතර අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔහු හට ඇප නියම වූ නමුත් ඔහුව නිදහස් නොකොට ආණ්ඩුව මැදිහත් වී නිරෝධායන කදවුරකට යොමු කර තිබේ. මේ පිළිබඳ අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරන්නේ අයිතීන් වෙනුවෙන් හඩ නගන සියල්ලන්ට නිරෝධායන නීති වලට මුවා වී සුක්ෂම ලෙස ආණ්ඩුව මර්දනය ගෙන එමින් සිටින බවයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේනගේ උම්මන්තක ක්‍රියාකලාපය හේතුවෙන් සිසුන් බරපතළ ලෙස පීඩාවට පත්ව සිටින බව පසුගිය කාලයේ ශිෂ්‍ය සංවිධාන විසින් චෝදනා ලදී. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාලය වසා දමා තිබෙන මේ මොහොතේ පවා ශිෂ්‍යභාවය අහෝසි කළ ලිපි සිසුන්ගේ නිවෙස්වලට ඒවා ඇති බවයි. දින කිහිපයකට පෙර වෛද්‍ය පීඨයේ සිසුවෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර දමා ඇති බවද ඔවුන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...