කාන්තා කොමිෂන් සභාවෙන් රමණී ජයසුන්දර ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සහ කාන්තා අයිතිවාසිකම් දිනාගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද ( 2026. 01. 30 ) දින නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.
එහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ පැවසුවේ,
” පසුගිය දවසේ ආචාර්‍ය රමණී ජයසුන්දර මහත්මිය කාන්තා කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වුනා. මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශනය නැවත වටයකින් ගැඹුරින් සාකාච්ඡා කළ යුතු තත්වයක් තමයි මේ සිදුවීම එක්ක මතුවෙලා තියෙන්නේ. ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයේදී පාලකයෝ හැමදාම කළේ කිළුටු වෙච්ච බිත්තියට තීන්ත ගානවා වගේ වැඩක්. මොකක් හරි පනතක් නීතියක් උඩින් ගෙනල්ලා බස්සනවා. මේ ප්‍රශ්නය ගැන පුළුල් සංවාදයක් ගන්න කවුරුවත් උනන්දු වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහලා කාන්තා කොමිෂම ගෙනාවෙත් ඒ විදිහට තමයි. අපි ඒ වෙලාවෙත් කිව්වා මේ කොමිෂන් සභාව ගේනවනම් ඊට අදාළව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය බලතල සම්පූර්ණයෙන් ලබාදෙන්න කියලා. හැබැයි ඒක එහෙම වුණේ නැහැ.
එතනින් පස්සේ 2025දි ගැහැනු අපි එක මිටට කියලා බලයට ආව ජාතික ජන බලවේග ආණ්ඩුවවත් මේ ප්‍රශ්නය ගැන මීට වඩා සැලකිලිමත් වෙයි කියලා තමයි මේ රටේ කාන්තාවෝ බලාපොරොත්තු වුණේ. හැබැයි රමණී ජයසුන්දර මහත්මියගේ ඉල්ලා අස්වීම එක්ක අපිට පේනවා ඒක පුහු බලාපොරොත්තුවක් කියලා. ඇය ජනාධිපතිවරයාට යවපු ඉල්ලා අස්වීමේ ලිපියේ තියෙන්නේ කුමන කාරණාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේ කොමිෂමට ස්වාධීනව වැඩ කරන්න අවස්ථාක් ලැබුණේ නැහැ. අපි දන්නවා කාන්තා කොමිෂමට ක්‍රියාත්මක වෙන්න කාර්‍යාලයක්වත් ලබා දීලා තිබුණේ නැහැ. කාන්තා කටයුතු අමාත්‍යංශය ඇතුළේ තමයි මේ ආයතනය පවත්වාගෙන යන්න වුනේ. අමාත්‍යංශයක් කියන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නිල ආයතනයක්. එහෙම තැනක ස්වාධීන කොමිෂන් සභාවක් පවත්වාගෙන යන්න කොහොමවත් පුළුවන් කමක් නැහැ. අනිත් කාරණය තමයි මෙවර ඇයවැය තුළින්වත් කාන්තා කොමිෂම පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා තිබුණේ නැහැ.
ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ මේ රටේ කාන්තාවන් මුහුණ දීලා ඉන්න පීඩනය නැති කරන්න අවශ්‍ය සියළු පියවර ගන්නවා කියලා. කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම, ගෘහස්ථ හිංසනයට එරෙහිව පියවර ගැනීම, කාන්තාවකගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම, වැටුප් ප්‍රශ්නය විසඳීම මේ වගේ පියවරයන් ගණනාවක් ගැන බලයට එන්න කලින් ආණ්ඩුව කිව්වා. හැබැයි ඒ එකක්වත් තවම ඉටු වෙලා නැහැ. අපි ආණ්ඩුවට මතක් කරන්න ඕන මේ රටේ අගමැතිවරිය කාන්තාවක් වූ පමණින් මේ රටේ කාන්තාවන්ට සුරලෝකේ පහළ වෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුවේ කාන්තාවකගේ ඔළු ගෙඩි ගාන වැඩි වුණා කියලා, පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි වුණා කියලා මේ රටේ කාන්තාවෝ මුහුණ දෙන සමාජ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.
මේ රටේ කාන්තාවෝ තවමත් නිවසෙදි පාරෙදි සේවා ස්ථානයේදී හිංසනයට පත්වෙනවා. බලහත්කාරයන්ට නතු වෙනවා. පෞදගලික අංශයේ සේවය කරන බොහොමයක් කාන්තාවන්ගේ වැටුප් තල තවමත් තියෙන්නේ ඉතාම පහළ තැනක. අධ්‍යාපනයේදී පවා අදටත් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් වෙන්නේ ප්‍රතිපත්තියමය සංවාදයක් හරහා විතරයි. ඒ සඳහා රජය දැන්වත් මැදිහත් වෙන්න ඕන. හැබැයි අපිට පේන්නේ අනික් මැතිවරණ පොරොන්දු වගේම ආණ්ඩුව මේ රටේ කාන්තාවන්ටත් දීලා තියෙන්නේ ඡන්ද ගුණ්ඩු විතරයි. ඒ නිසා මේ රටේ කාන්තා අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සියලුදෙනා එකතුවෙලා පුළුල් මහජන බලයක් ගොඩනගන්න ඕන. ඒ සඳහා එකතුවෙමු කියලා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විදිහට අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. “






