කොරෝනාවෙන් ලංකාවේදී මිය ගියාට වඩා වැඩි ලාංකිකයන් පිරිසක් මැදපෙරදිගදී මිය ගිහින්

Date:

ලංකාව තුළ කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි විදේශ ගත ලාංකිකයන් පිරිසක් කොරෝනා රෝගයෙන් මිය ගොස් ඇති බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නම් සංවිධානයක් පෙන්වා දෙයි. එම සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ වෙත යොමුකළ ලිපියක දැක්වෙන්නේ මැද පෙරදිග කළාපය පමණක් ගත්තද මෙරට තුළ කොරෝනා රෝගයෙන් මිය ගිය පිරිසට වඩා වැඩි පිරිසක් එහිදී මිය ගොස් ඇති බවයි. එසේම තවදුරටත් එම රටවල සිරවී සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම පමා වුවහොත් රෝගීන් සංඛ්‍යාවද ලංකාවේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ.

  1. 06 .02

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්.

අධ්‍යක්ෂ ජනරාල්තුමණි,

Covid– 19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටිනවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා
ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාව උදාකර ගැනීම
ඔබතුමන් Covid– 19 වසංගතය මැඩපැවැත්වීමේ පූර්ණ වගකිවයුතු බලධරයා වශයෙන් අනෙකුත් ආයතනයන්ගේ සහයෝගය ද ඇතිව ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලාංකික ජනතාව මුදවා ගැනීමට දරන උත්සාහය ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඉතා ඉහළින් අගයමු. එමෙන්ම මෙම ගෝලීය ව්‍යසනයට සමගාමීව නොබෝ දිනකින් ශ්‍රී ලංකා රාජ්‍යයට මුහුණ දීමට සිදුවිය හැකි තවත් අභියෝගයක් මෙසේ ඔබ තුමන්ගේ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමු.
මේ වන විට නොයෙකුත් වීසා මත පදනම්ව විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයන් බොහෝ ප්‍රමාණයක් ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටී. මේ අතර විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය, බංගලාදේශය, වියට්නාමය සහ මියන්මාරය වැනි රටවල රැකියා සඳහා ගොස් වර්තමාන වසංගත තත්ත්වය හේතුකොට ගෙන රැකියා අහිමිව කිසිවක් කරකියාගත නොහැකිව අසරණ තත්ත්වයෙන් පසුවන ශ්‍රමිකයන් බොහෝ පිරිසක් සිටින බව සඳහන් කළ හැකිය. මේ අතරින් විශේෂයෙන්ම මැදපෙරදිග සිටින බොහෝ දෙනෙකු Covid– 19 වසංගත තත්ත්වයට ගොදුරු වී ආසාධිතයන් බවට පත්වීමට ඉතා ආසන්න තත්ත්වයක පසුවේ.

මෙම අන්තරායකාරී තත්ත්වය හමුවේ ඔවුන්ට සිය මව්බිමට පැමිණීම අරභයා අවසර ලබා දීම උදෙසා පහත කරුණු වෙත ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරවීමට කැමැත්තෙමු.

  1. වෙනත් රටවල් සිය රටෙහි වෙසෙන Covid– 19 ආසාධිත විදේශිකයන් සඳහා ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබනුයේ ආසාධිතයාගේ රෝගී තත්ත්වය උත්සන්න තත්ත්වයට පත් වූ පසුවය.

  2. විශේෂයෙන් මැදපෙරදිග කලාපය තුළ Covid– 19 ආසාධනය වීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව අප මව්රට තුළ දී Covid– 19 ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගෙන ඇති බවට වාර්තා වන අතර මෙම තත්ත්වය ආසාධිත රෝගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ද මෙසේම විය හැකි බව කණගාටුවෙන් වුවද මෙහිලා දක්වනු කැමැත්තෙමු.

  3. ශ්‍රී ලංකාව තුළ Covid– 19 වසංගත තත්ත්වය පාලනය කිරීම හේතුකොට ගෙන විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීම ඉතා දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මෙරටට පැමිණීමට අත්‍යාවශ්‍ය තත්ත්වයෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිනෙන් දින මෙම වසංගත තත්ත්වයට ගොදුරු වී ආසාධිතයන් බවට පත්වීම සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

  4. මේ අතර දරු ප්‍රසූතිය සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ගර්භණී මාතාවන් මෙන්මවිවිධ වූ මානුෂීය හේතු මත හා තවදුරටත් එමරටවල හෙට දිනය ගත කිරීම ඉතා ගැටලුකාරී තත්ත්වයකට පත්වීම හේතුකොටගෙන මව්රටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින නිරෝගී තත්ත්වයෙන් පසුවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බොහෝ පිරිසක් ද සිටී. එමෙන්ම ඔවුන් දිනෙන් දින මෙම වසංගතයට ගොදුරු වීමේ ඉහළ අවධානමක පසුවේ.

  5. වර්තමානයේ ක්‍රියාත්මකව පවතින නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව හා ඒවායේ ධාරිතාවයන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා නිරෝධායනය වෙත යොමු කිරීම උදෙසා ප්‍රමාණවත් නොවන බව පෙනී යයි.

මෙම තත්ත්වය හමුවේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විශ්වාස කරනුයේCovid– 19 වසංගත තත්ත්වයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනීම ද ඔබතුමා මූලිකත්වය ගත් මෙම මෙහෙයුමේම ඉතා සංවේදී මෙන්ම මානුෂීය කොටසක් බවත්එබැවින් මෙම උවදුරෙන් සකල ශ්‍රී ලාංකික ප්‍රජාව මුදවා ගැනීමේ කාර්යභාරය ඔබතුමන් වෙත ඉතා වගකීම් සහගත කර්තව්‍යයක් ලෙස පැවරී ඇති බවයි.
එහෙයින් ඉහත කරුණු වෙත අවධානය යොමුකර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට යොමු කිරීම උදෙසා වූනිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කර Covid– 19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම හැකිතාක් කඩිනම් කර ඔවුන් මෙම ගෝලීය ව්‍යවසනයෙන් මුදවා ගැනීම සඳහා ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන මෙන් ගෞරාවයෙන්ඉල්ලා සිටිමු.

ස්තුතියි.

පිටපත්:
1. ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය ( අමාත්‍ය – සෙෳඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා)
2. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා (අමාත්‍ය – විදේශ කටයුතු)
3. මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ (ලේකම් – සෙෳඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය)
4. ගරු රවිනාථ ආරියසිංහ මැතිතුමා (ලේකම් – විදේශ කටයුතු අමාත්‍යංශය)
5. සියලු මාධ්‍ය ආයතන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...