කුරුළු හඬ

කැලෑ නැති පාර නගරෙට පිවිසෙන
පාලුවෙන් ඉඳහිට යකඩ හඬ පාන
වසන්තය ඇවිත් ඉර අව්ව පායන
නිහැඬි රැය වී දවස ගත වෙන

කැලෑ නැති ගස් පාර අයිනේ දළු දාන
කුරුළු හඬ ඇසෙයි නිහඬ ගී තනු ගෙන
දුරස් වී උන්නු නුඹලා ඇවිත් ළඟටම
දුක සැප බලන නෑයන් වගේ වැටහෙන

යකඩ හඬ නැඟුණු දුම බියත් අරගෙන
ගයන්නැති එදත් ගී මේ වසත් කල මෙන
අහන්නට තියා හිතන්නට නො දුන් කාලය
දුරස් වූ අපට ගුරුවරුය දැන් කියන පාඩම

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්