Breaking News

සිලෝන් අරක්කු සමාගම තම අරක්කු නිෂ්පාදන විෂබීජනාශක නිපදවීම සඳහා යොදා ගැනීම ආරම්භ කර තිබේ.

රොක්ලන්ඩ් අරක්කුවලින් විෂබීජනාශක නිපදවයි
එම සමාගම තම facebook ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ “මෙවැනි අවස්ථාවලදී අපට හැකි ඕනෑම ආකාරයකින් උදව් කිරීමට හැකිවීම ගැන ආඩම්බර වන බවයි.” එසේම තම සමාගමේ රොක්ලන්ඩ් වර්ගයේ අරක්කු දෑත් සඳහා විෂබීජහරණය කිරීම සඳහා භාවිතා කළ හැකි විෂබීජ නිපදවීමට යොදාගන්නා බව එහි සඳහන් වේ.

මෙම විෂබීජනාශක සුරාබදු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරන ලද්දක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම දෑත් විෂබීජනාශක IDH රෝහලට සහ ජාතික රෝහලට පරිත්‍යාග කර ඇත.

සමාගම විශේෂයෙන් සඳහන් කර ඇත්තේ මෙම නිෂ්පාදන විෂබීජහරණයට මිස බීමට පාවිච්චි නොකරන ලෙසයි.

leave a reply