ජනතාවට යටත් වෙන්න බණ කියන, ඒකාධිපතිත්වයට රට තල්ලු කරන වහන්සේලා

මේ රට තුළ කාලයකට මැතිවරණ නොපවත්වා නීතිය සහ සාමය පවත්වාගෙන යාමට ගෝඨාභය රජපක්ෂගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක කමිටුවක් ඇති කර වසර කිහිපයක් මේ රට පාලනය කල හොත් රට ගොඩ ගැනීමට හැකි බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසයි.
අද (10) දින විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් මේ බව සඳහන් කර තිබේ.

එසේම කොරෝනා වයිසරය පැතිර යන මෙම අවස්ථාවේ ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගත් අභිත රණවිරුවෙකු වු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව තොරාපත් කරගෙන ඇත්තේ රටේ භාග්‍යයට බවත් ශ්‍රී පාදස්ථානධිපති හිමි පවසා තිබේ.

මීට අමතරව වන්දනාකරුවන් නොමැති වුවත් ශ්‍රී පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුද සිරිත් පවත්වන බවද එම හිමියන් පවසා ඇත.

ශ්‍රී පාද වන්දනාවාරය අවසන් වන තෙක්ම ශ්‍රී පාද උඩමළුවේ පැවැත්වෙන තේවාවන් සහ පුද පුජාවන් අතිතියේ සිට පවත්වාගෙන පැමිණි ආකාරයට සිදු කරන බවත් වෙසක් පොහෝ දිනට පසු දින ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව , සමන් දේවප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහ විහාරස්ථානය දක්වා වැඩමකරවන බවත් ශ්‍රීපාදස්ථනාධිපති හිමියන් මෙහිදී පවසා ඇත.

කොරෝනා වසංගතය පැතිරෙමින් මුල් අවධියේ ශ්‍රී පාදස්ථානය වසා දමා වන්දනා කරුවන් පැමිණීම නවත්වන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම් බෙන්ගමුවේ ධම්මදින්න හිමි ප්‍රතික්ෂේප කරන ලදී. එහිදී එම හිමියන් පැවසුවේ බුදුන්ගේ හා සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා මෙම වන්දනා ගමන සිදුකරන බවත් වර්තමාන කොරෝනා වයිරසය වැනි රෝග හෝ වෙනත් රෝගවලට බිය වූයේ නම්, මිනිසුන් මෙතරම් කාලයක් පූජනීය කන්දට නගින්නේ නැති බවයි.

ඒ වනවිටත් ආණ්ඩුව පොදු ස්ථානවල ගැවසීම නවත්වන ලෙස උපදෙස ලබාදී තිබූ අතර එම තහනම ශ්‍රී පාදය සම්බන්ධයෙන් ක්‍රියත්මක නොවන්නේ කුමක් නිසාද යන ගැටලුව පැවතුණි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...