Breaking News

ඉතාලියට තවත් වෛද්‍යවරු හතර දෙනෙක් අහිමිවෙයි. වෛද්‍යය  ක්ෂේත්‍රයටයේ ආසාදිතයින් 5000 ඉක්මවයි.

ගෙවුණු කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ  වෛද්‍යවරුන් විසි නව දෙනෙකු මියගොස් තිබෙන අතර  ගෙවුණු පැය  දෙක ඇතුළත තවත්  වෛද්‍යවරුන් හතරදෙනෙක් අවාසනාවන්ත ලෙස කොරෝනා වෛරසයට ගොදුරු වී  මියගියා. අද දිනයේ මිය ගිහින් තිබෙන්නේ Calogero Giabbarras, Renzo Granata,  Ivano Garzena,  Ivan Mauri, යන වෛද්‍යවරුන් හතර දෙනයි.

වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් 5000  වැඩි පිරිසක් මේ වන විට කොරෝනා වෛරසය  හේතුවෙන් රෝගාතුර වී තියෙනවා. ගොදුරු වී එන සාමාන්‍ය ජනතාවට සේවය කරන්නට ඉන්න වෛද්‍යවරුන් හෙද සේවයේ සේවකයින් සහ වෙනත් රෝහල්  කාර්ය මණ්ඩල පිරිස සීඝ්‍රයෙන් Covid-19 වෛරසයට  ගොදුරුවීම ඉතාලිය  මුහුණ දී තිබෙන ප්‍රබල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා.

ඊයේ දිනයේදී මොන්සා නගරයේ 34 හැවිරිදි හෙදියක් සියදිවි නසා ගනී

මිලානෝ මොන්සා රෝහලක සේවය කරපු 34 හැවිරිදි හෙදියක් ඊයේ දිනයේදී සිය දිවි නසා ගත් බව වාර්තා වෙනවා . ගෙවුණු සති කීපය තුළ නොකඩවා ම ඇය සේවය නිරත වී තිබෙනවා. කොරෝනා වෛරස් ආසාධිතයන් සිටින රෝහල්වල වෛද්‍යවරු සහ සේවක මණ්ඩල   සේවය පටන් ගැනීමේදී අවසාන කිරීමේදීත් සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා  කිරීම කළ යුතුයි. ඉතින් මෙම තරුණ හෙදිය තමන්ගේ සේවය නිම කර තමන්ගේ සෞඛ්‍ය තත්වය කෙසේ දැයි පරික්ෂා කර අවස්ථාවේදී ඇයට දැනගන්න ලැබී තිබෙන්නේ  Covid-19  ආසාදනය වී ඇති බවයි. ඉන්  කලබලයට පත් සහ බියට පත් ඇය අවසානයේ සියදිවි නසාගෙන කියනවා.

ගෙවුන දින  කීපය තුළ ඉතාලිය තුළ Covid-19 ආසාදිතයන් ගණන වැඩිවීම, මරණ නොසිතූ ආකාරයට ඉහළ යෑම වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාටම විවේකයෙන් තොර රාජකාරි කිරීමට සිදුවීම හේතුවෙන් මානසික ආතතියෙන්   පෙලෙන්නන් ප්‍රමාණය වැඩිවෙමින් තියනවා. ඒ වගේම දිනපතා ඉහල යන  මරණ දැකීමෙන්ද  ආත්ම ශක්තිය බිඳ වැටී වෛද්‍ය ශාස්ත්‍රයේ වැඩකරන අය මානසික ව්‍යාකූලතාවන්ට  ගොදුරු වෙමින් සිටින බව ද දැනගන්නට තියෙනවා.

 ඉදිරියේ උදා වෙමින් තිබෙන්නේ ඉතාලියට තීරණාත්මක දින කිහිපයකි. තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි උනොත් ආර්ථික වශයෙන්ද ඉතාලියේ බිඳවැටීම වලකාලන්නට නොහැකි වෙනවා.

 ඉතාලිය ලෝකයට කඳු කරමින් සිටින්නේ ධනවාදයේ නොහැකියාවේ පණිවිඩයයි. එවගේම මේ පණිවිඩය ඇමරිකාව දෙසින්ද පැමිණීම සිද්ධ වෙමින් තිබෙනවා. ජනතාව නිවැරදිව මේ පණිවිඩය ග්‍රහණය කර ගත්තොත් කොරෝනා වෛරසයේ  අවසානය ධනවාදයෙ ගෙල සිර කර  දමන තොණ්ඩුව බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව තියෙනවා.

leave a reply