ලංකාවේ ක්‍රිකට් නගා සිටුවීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇති බව අද පැවැති කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියා .
වර්තමාන රජය බලයට එන්නට කලින් වේදිකාවල වත්මන් ක්‍රිකට් පරිපාලනය පිළිබඳව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබතුමන්ලා විවේචනය කළා . ඒවා අහල මේ රටේ විශාල ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් ඔබතුමන්ලට මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න, ක්‍රිකට් වල තත්ත්වය උසස් කරන්න දූෂණ විරෝධී ජනතාව බලය ලබා දුන්නා .
වත්මන් ජනාධිපතිවරයා එදා පාර්ලිමේන්තුව තුළ ක්‍රිකට් පරිපාලන මණ්ඩලයේ ඉන්න සභාපති ශම්මි සිල්වා ජයන්ත යන අය ගැන පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම විවේචනය කළා . ජනාධිපතිතුමාට අමතක වෙලාද දන්නෙ නැහැ මේ ක්‍රිකට් පරිපාලනය තියාගෙන තමයි තවමත් ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වන්නේ . බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්න ඔබතුමන්ලාට අනපනත් සම්මත කරගෙන මේක හරිමගට ගන්න පුළුවන් . එහෙම තියෙද්දි තමයි ජනාධිපතිතුමා යාපනේට ගිහිල්ලා ශම්මි සිල්වාගෙන් අහන්නේ කවදද මෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පවත්වන්නෙ කියලා . ශම්මි සිල්වා කියනවා දෙසැම්බර්වල පුළුවන් කියලා. නමුත් තාමත් එතන තියෙන්නේ හිස්බිමක්.
කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඉහත පිළිතුර ලබා දුන්නේ මාධ්‍යවේදියා නැගූ මෙවන් පැනයකටයි.






