ක්‍රිකට් වලට හොඳ කලක්, ආණ්ඩුව වැඩ පටන් අරන් ,ශම්මි සිල්වා ගෙදර

ලංකාවේ ක්‍රිකට් නගා සිටුවීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇති බව අද පැවැති කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියා .

වර්තමාන රජය බලයට එන්නට කලින්   වේදිකාවල වත්මන් ක්‍රිකට් පරිපාලනය පිළිබඳව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබතුමන්ලා විවේචනය කළා . ඒවා අහල මේ රටේ විශාල ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් ඔබතුමන්ලට මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න, ක්‍රිකට් වල තත්ත්වය උසස් කරන්න දූෂණ විරෝධී ජනතාව බලය ලබා දුන්නා . 

වත්මන් ජනාධිපතිවරයා එදා පාර්ලිමේන්තුව තුළ ක්‍රිකට් පරිපාලන මණ්ඩලයේ ඉන්න සභාපති ශම්මි සිල්වා ජයන්ත යන අය ගැන පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම විවේචනය කළා . ජනාධිපතිතුමාට අමතක වෙලාද දන්නෙ නැහැ මේ ක්‍රිකට් පරිපාලනය තියාගෙන තමයි තවමත් ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වන්නේ . බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්න ඔබතුමන්ලාට අනපනත් සම්මත කරගෙන මේක හරිමගට ගන්න පුළුවන් . එහෙම තියෙද්දි තමයි ජනාධිපතිතුමා යාපනේට ගිහිල්ලා ශම්මි සිල්වාගෙන් අහන්නේ කවදද මෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක්  පවත්වන්නෙ කියලා .  ශම්මි සිල්වා කියනවා  දෙසැම්බර්වල පුළුවන් කියලා. නමුත් තාමත් එතන තියෙන්නේ හිස්බිමක්.

කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඉහත පිළිතුර ලබා දුන්නේ මාධ්‍යවේදියා නැගූ මෙවන්  පැනයකටයි. 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...