Breaking News

මහින්දානන්දලාටත් වඩා දක්ෂ බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක

මහින්දානන්දලා හිරේ ගියේ මිලියන පනස් තුනක මුදල් අවභාවිතාවකටය. එහෙත් මේ කතා නායිකාව මිලියන සියයක පාඩුවක් රජයට සිදුකර ඇත. ඒ රජයේ මුදල් තම අභිමතය සහ තමන්ගේ වාසියට යොදා ගැනීමට කටයුතු කිරීම මගිනි. පසුගියදා විශ්‍රාම ගිය මෙම කපටි සහ වංචනික නිලධාරිනිය එකී මිලියන සියයේ ගනුදෙනුවෙන් මිලියන 32 ක් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය වෙත හිතුමතේ මුදාහැරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ලබා ඇත. එම චෝදනා පත්‍රයෙන් මිදීම සඳහා රිට් ආඥාවක් ලබාගැනීම වෙනුවෙන් අධිකරණය වෙත ගොස් ඇත. ඒ මුළු කැබිනට් මණ්ඩලයම වග උත්තරකරුවන් කරමිණි. තමන්ගේ හිතවත් නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුව පුරාම සිටින හෙයින් තමන්ට නඩු කටයුතු ජයග්‍රහණය ඉතා පහසු බව ට පුරසාරම් දෙඩීම මෙම නිලධාරිනිය පුරුද්දක් කොටගෙන ඇත. එකී මිලියන 32 මිලියන හතයි දශම පහක් ඉන් වසර තුනකට පසුව පැමිණෙන අලුත් වැඩියාවන් සම්බන්ධයෙන් ගෙවීම් කර ඇත. එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ හිතවතෙකු වන කනගි ස්වරන් හිතවත්ව තබා ගැනීම වෙනුවෙන් මෙම මුදල නිදහස් කර ඇත. ඒ රජයේ මිලදී ගැනීමේ මාර්ග උපදේශ උල්ලංඝනය කරමිනි. චෝදනා පත්‍රය ඒ සම්බන්ධයෙනි.

එකී මිලියන සියයෙන් මිලියන හැටක මුදලක් සඳහා තමන්ට හිතවත් නිලධාරීන් යෙදවීම පිණිස ව්‍යාපෘතියක් ආරම්භ කර එම ව්‍යාපෘතිය රජයේ ගිණුම් පිළිබඳ මාර්ගෝපදේශ නොසලකා හරිමින් කටයුතු කර අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් සිදුවෙමින් පවතී

තවද මෙම නිලධාරිනිය ආයතනයට ලැබෙන විදේශ සංචාර තමන් හා තම හිතවත් නිලධාරීන් වෙත ලබා ගනිමින් අමුතුම රංගනයක යෙදී සිට ඇත.

පසුගිය වසරේ කෝප් කමිටුව ඉදිරියට පැමිණවූ අවස්ථාවක ආයතනය භාරව සිටි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ බුද්ධික පතිරණ මහතා මෙම නිලධාරිනිය වංචනික ලෙස කටයුතු කරන බවත් විමර්ශනයක් ආරම්භ කිරීමට දිනකට පෙර මහින්ද රාජපක්ෂ දින පනස් දෙකක අගමැති වූ අවස්ථාවේදී සියල්ලෙන්ම බේරුනු බවත් පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත. ඒ 2024 ජූනි මස 06 වැනි දින කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදීය.
වැඩ අවසන් නොකළ කෑලි ක්‍රමයට ගෙවීම් කිරීමේ ව්‍යාපෘතියක වැඩිම මුදලක් ලබාගත් නිලධාරිනිය ලෙසද ඇය සිටි බව බුද්ධික පතිරණ පැවසීය.

අවසන් මොහොතේ පවා විදේශ සංචාර සඳහා දැඩි සූදානමකින් සහ සේවා දිගුවක් ලබා ගැනීමේ අවස්ථාවක් ලබාගැනීමට කටයුතු කරමින් සිට ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඇයගේ අත්තනෝමතික කාර්යයන් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබියදීත්, අමාත්‍යාංශ ලේකම් ඒ සම්බන්ධව කටයුතු කර නැත.

ආයතනයේ නිලධාරීන්ට නොයෙකුත් ගැටලු ඇති කිරීමට සූක්ෂමව කටයුතු කිරීම නිසා ආයතනය දිනෙන් දින පරිහානියට පත් කිරීම සම්බන්ධව ද මෙම නිලධාරිනිය වග කිව යුතුව ඇත

මෙම නිලධාරිනිය රිට් පෙත්සමක් මගින් තමන් නිර්දෝෂී බව පෙන්වීමට කටයුතු කරමින් සිටින අතර තමන්ගේ විශ්‍රාම පාරිතෝෂික නතර කිරීම වළක්වන ලෙසද ඉල්ලා ඇත. නීතිපති දෙපාර්තමේන්තුව ද මෙම නිලධාරිනිය ට උදව් කරන බව පැවසේ.

මෙම නිලධාරිනිය පශ්චාත් උපාධියක් ඇති බවට වැරදි තොරතුරු ලබාදී අධ්‍යක්ෂ ජනරාල් තනතුරට 2013 දී පත්ව ඇති බවට ද තොරතුරු වාර්තාවේ.

2018 වසරේදීද මෙම නිලධාරිනිය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලද විමර්ශනය යට ගසා ගැනීමට ද මෙම නිලධාරිනිය කටයුතු කර ඇත.

මහින්දානන්දලාටත් වඩා හෙරක වන මෙම නිලධාරිනිය වසර දොළහක් තිස්සේ බලය අවභාවිතා කරමින් ආයතනයට හා රටට සිදු කර ඇති අලාභයන් හානි පූර්ණය ට කටයුතු කිරීම, වැරදි සම්බන්ධ නිසි දඬුවම් කිරීම අමාත්‍යාංශ නිලධාරීන්ගේ ද අමාත්‍යවරයාගේද කැබිනට් මණ්ඩලයේ ද ජනාධිපතිවරයාගේද වගකීම වන්නේය.

විශේෂ ලියුම්කරුවකු විසින් 

leave a reply