ජුනි 8 ඉරිදා සහ 9 සඳුදා ජනමත විචාරණය. ඡන්ද පොළට යන්න ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න

එළඹෙන ජුනි 8 ඉරිදා සහ 9 සඳුදා කරුණු පහක් වෙනුවෙන් ඉතාලියේ ජනමත විචාරණයක් පැවැත්වෙනවා. මේ ජනමත විචාරණයේ අරමුණ පහත ඇති මූලික කරුණු පහට සම්බන්ධ අහිතකර නීතීන් වෙනස්කර සියලු පුරවැසියන් ආරක්ෂා කියා ගැනීමයි .

1- නීති විරෝධී ලෙස සේවයෙන් පහ කිරීම නැවැත්වීම.
2- කුඩා ව්‍යාපාරවල සේවකයින් සඳහා වැඩි ආරක්ෂාවක්.
3- අස්ථිර රැකියා අවම කිරීම.
4- සේවා ස්ථානයේ වැඩි සෞඛ්‍ය සහ ආරක්ෂාවක් සහතික කිරීම.
5- ඉතාලි පුරවැසිභාවය සමග වැඩි සංහිඳියාවක්

මේ ජනමත විචාරණයේ වලංගුභාවය රඳා පවතින්නේ ඡන්දදායකයා මතයි .. ජන මත විචාරණය සඳහා ඡන්දය පාවිච්චි කළ හැකි වන්නේ ඉතාලි පුරවැසිභාවය තියෙන ඡන්ද හිමි පුද්ගලයන්ට පමණයි . ජනමත විචාරණයක් වලංගු වන්නට නම් ඉතාලියේ අද දවසේ සිටින සමස්ත ඡන්ද හිමි පුද්ගලයන්ගෙන් 50% වඩා චන්දපොල වෙත ගිහින් ඡන්දය පාවිච්චි කළ යුතුයි . එසේ නොමැති නම් ජනමත විචාරණය වලංගුභාවයක් නැතිවෙනවා . එනිසා ජනමත විචාරණයක ඇති මූලික අභියෝගය තමයි 50% ඉක්මවූ චන්දදායකයන් ප්‍රමාණයක් ඡන්ද පොළට කැඳවා ගැනීම.

ඉහත ඉල්ලීම් පහ ඉතාලියේ ජීවත් වෙන සියලු පුරවැසියන්ගේ ජීවිත එක් දශමයකින් හෝ ඉහළට නංවා ගැනීමට නම් මේ ජනමත විචාරණය හරහා ඉහත ඉල්ලීම් දිනාගත යුතුයි .එනිසා අපි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඡන්දය භාවිතා කිරීමට හැකියාව තිබෙන ඉතාලි පුරවැසිභාවය තියෙන සියලු දෙනාම ඡන්ද පොළට ගිහින් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න කියල .

ඔබ සියලූම දෙනාගේ සහභාගීත්වය අප අපේක්ෂා කරමු. ඊට අමතරව ජනමත විචාරණයේදී “SI” ලෙස ඡුන්දය ප‍්‍රකාෂ කිරීමට පුරවැසිභාවය ඇති සියලූ දෙනාටම ඇරයුම් කර සිටිමු. මේ පිළිබඳ තවත් සවිස්තරාත්මක විස්තර ඔබට අවශ්‍ය නම් ලිපි පෙලක් විවිර වෙබ් පිටුවේ සහ ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ. ඔබට පුළුවන් ඒ පරිහරණය කර න්න දැන ගැනීමට

ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය

Share post:

Popular

වෙනත් පුවත්

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...