නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ජාතික විෂය මාලා රාමුව පිලිබඳ මල්වතු අස්ගිරි හිමිවරුන් දැනුවත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කළ ජාතික විෂය මාලා රාමුව මෙහිදී අග්‍රාමාත්‍යවරිය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු හිමියන්ට සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි හිමියන්ටත් අනු නාහිමිවරුන්ටත් පිළිගන්වා තිබේ.

මෙම හිමිවරුන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කීවේ 2027 වසරේ සිට 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කරන බවයි. ගුරු පුහුණුව සහ නව බඳවා ගැනීම් නොවැම්බර් මාසය තුළ සිදු කිරිමට සැළසුම් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපේ රටේ ශිෂ්‍ය සංවිධාන, ගුරුසංගම් ඇතුළු රටේ ප්‍රගතිශීලී බලවේග මතුකළ ප්‍රශ්නයක් වූවේ මෙම ප්‍රතිසංස්කරණ ගෙන එමට පෙර මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ක්‍රමවත් සංවාදයක් සිදු නොවූ බවයි. එයට හේතුව වූවේ මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවති එකම ලියවිල්ල වූවේ මෙම ප්‍රතිසංස්කරණ ගැන සඳහන් පවර් පොයින්ට් ප්‍රසන්ට්ටේෂන් එකක් පමණි. නමුත් පසුව හෙළිවුවේ මෙම ප්‍රතිසංස්කරණ මීට පෙර ගෝඨාභය රාජපක්ෂ විසින් ගෙන ඒමට සුදානම් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණම බවයි. පසුව ආණ්ඩුව විසින් මුද්‍රණය කරන ලද පොතක වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙබ් අඩවියක ලින්ක් එකක් තිබීම නිසා විශාල ආන්දෝලනයක් මතුවිය. එම අන්දෝලනය ජාතිකවාදී ස්වරූයෙන් ඉදිරියට රැගෙන ගියේ පාර්ලිමේන්තු විපක්ෂයයි. දැන් ආණ්ඩුව උත්තර දෙමින් සිටින්නේ එම පාර්ලිමේන්තු විපක්ෂය නැගූ හඬටයි. මන්ද ඒ හරහා මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇති සැබෑ ප්‍රශ්නය සැඟවීමටද ආණ්ඩුවට අවස්ථාව හිමිවේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...