ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම විශේෂ ප්‍රදර්ශනයක් පවත්වමින් ලොව පළමු වරට අහසේ පියාසර කළ හැකි “රෝඩ්ස්ටර්” නම් මෝටර් රථයක් එළිදක්වා තිබේ.

මෙම ප්‍රදර්ශනයේ වඩාත්ම කැපී පෙනෙන අවස්ථාව වී ඇත්තේ රෝඩ්ස්ටර් රථය ඉහළට වක්‍රව ඉදිකරන ලද දැවැන්ත ධාවන පථයක් ඔස්සේ වේගයෙන් ගමන් කර උඩු යටිකුරු වීමෙන් අනතුරුව ඉන් ඉවතට ගොස් අහසේ කරණමක් ගසා ආරක්ෂිතව පොළොවට ගොඩබෑමයි.

සජීවී විකාශයක් ඔස්සේ පැවැත්වී ඇති මෙම උත්සවයේදී අදහස් දැක්වූ මස්ක් සඳහන් කර ඇත්තේ, මෙම මෝටර් රථය කෘත්‍රිම බුද්ධියෙන් හෝ පරිගණක සජීවීකරණයකින් සිදුකරන ලද දෙයක් නොවන බව තහවුරු කිරීමට ප්‍රේක්ෂකයන්ගේ සජීවී සහභාගීත්වය අවශ්‍ය වූ බවයි.

මෙම අවස්ථාවේදී මස්ක් සමඟ එක්ව රෝඩ්ස්ටර් රථය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ ටෙස්ලා සමාගමේ වාහන ඉංජිනේරු අංශයේ උප සභාපති ලාර්ස් මොරාවි සඳහන් කර ඇත්තේ, රථයේ යටි පැත්තේ සවිකර ඇති විශේෂ වායු උරාගැනීමේ පද්ධතියක් මඟින් ගුරුත්වාකර්ෂණයට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය බලය ලබාගන්නා බවයි.

එම පද්ධතියට ගුරුත්වාකර්ෂණ බලය මෙන් දෙගුණයක බලයක් දක්වා ලබාදිය හැකි බවත් මේ හරහා රථයට ධාවන පථය මත උඩු යටිකුරු වී ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් ඔහු පවසා ඇත.

එමෙන්ම, රථය අහසේ ඉහළට ගෙන යාම සහ වෙනත් විස්මිත චලනයන් සිදුකිරීම සඳහා අභ්‍යවකාශ තාක්ෂණයෙන් ද උපකාර ලබාගෙන ඇති බව මොරාවි සඳහන් කර තිබේ.

මස්ක්ගේ ප්‍රකාශයට අනුව, රෝඩ්ස්ටර් රථයේ උස පාලනය කිරීම සඳහා වූ තෙරපුම් පද්ධති සහ රථයේ පසුපස සවිකර ඇති ප්‍රධාන තෙරපුම් පද්ධති අන්තර්ගත වේ. ඒවා මඟින් රථයට රොකට්ටුවක් මෙන් ඉහළට ගමන් කිරීමට හැකියාව ලැබෙන බව ඔහු පවසා ඇත.

එමෙන්ම, රථයට ඉහළ අහසේදී පෙරළීම් සහ සංකීර්ණ කරණම් ඇතුළු විවිධ චලනයන් සිදුකළ හැකි බව ද මස්ක් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, මෙම රථය සාමාන්‍ය මෝටර් රථයකට සමාන ආරක්ෂිත ධාවන අත්දැකීමක් ලබාදීමටම නිර්මාණය කර නොමැති බවට ඉඟි කරමින් ඔහු හාස්‍යයෙන් අදහස් පළ කර ඇත.

මෙම ප්‍රදර්ශනයේදී අනාවරණය වී ඇති තවත් විශේෂ කරුණක් වන්නේ රෝඩ්ස්ටර් රථයට පැයට කිලෝමීටර් 96කට ආසන්න වේගයක්, තත්පරයකටත් අඩු කාලයකදී ළඟා කරගත හැකි බවයි.

ටෙස්ලා සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු අනුව, නව රෝඩ්ස්ටර් රථය වෙන්කරවා ගැනීම සඳහා ඇණවුම් භාරගැනීම ආරම්භ කර ඇති අතර, එය ප්‍රධාන මාදිලි තුනකින් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒවා නම් කාර්යසාධන මාදිලිය, තෙරපුම් මාදිලිය සහ රොකට් මාදිලියයි. මෙහි රොකට් මාදිලිය සඳහා ආරාධනයක් මත පමණක් ප්‍රවේශ විය හැකි බව සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වේ.

සමාගම විසින් ප්‍රකාශ කර ඇති පරිදි, රෝඩ්ස්ටර් රථයට එක් ආරෝපණයකින් කිලෝමීටර් 480කට වැඩි දුරක්, ගමන් කළ හැකි බව පැවසේ. රොකට් නම් විශේෂ මාදිලියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 370 ඉක්මවන බව ද සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙහිදී ප්‍රදර්ශනය කළ අසාමාන්‍ය හැකියාවන් සැබෑ මාර්ගවල භාවිතයට කෙතරම් සුදුසුද යන්න තීරණය වන්නේ ඉදිරි කාලයේදී සිදුකෙරෙන පරීක්ෂණ සහ ප්‍රායෝගික භාවිතය අනුවය.

මෙම අලුත් ඉදිරිපත් කිරීමෙන් පසු සිකුරාදා උදෑසනවනවිට ටෙස්ලා කොටස් 5% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිය අතර, උදෑසන 10 න් පසු 1.5% කට වඩා ඉහළ ගොස් ඩොලර් 368.19 කින් ගනුදෙනු විය.

“පියාඹන” මෝටර් රථය සඳහා “සාර්ථකත්වය සහතික කළ නොහැකි” නමුත්, “එය බොහෝ විට ක්‍රියාත්මක වනු ඇත” සහ ටෙස්ලා 2028 දී නිෂ්පාදනයට පිවිසෙනු ඇතැයි මස්ක් පැවසූ අතර, ඔහු මිල ප්‍රකාශයට පත් නොකළද, සමාගම එක්සත් ජනපදය, කැනඩාව සහ චීනය යන රටවල අනාගත ගැනුම්කරුවන්ගෙන් ඩොලර් 50,000 ක තැන්පතු පිළිගෙන තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...