අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම අහෝසි කිරීමේ අරමුණින් යුත් අභියාචනයක්ඊයේ (11) සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරතිබේ.

මුහම්මද් නබිතුමාට අපහාස කරන ලදැයි චෝදනා එල්ල වූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් පහළ අධිකරණයක් විසින් සිවරාසාට මුලින් වසර පහක සිර දඬුවමක් නියම කර තිබුණි. කෙසේ වෙතත්, පසුව සෞදි අභියාචනාධිකරණය විසින් එම මුල් තීන්දුව වෙනස් කර ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.

විශේෂඥ ශ්‍රී ලාංකික නීති කණ්ඩායමක් සහ සෞදි නීතිඥවරුන් අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම අභියාචනය සකස් කර තිබේ. සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ්ගේ සම්බන්ධීකරණය යටතේ රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙම සාකච්ඡා සඳහා පහසුකම් සලසා ඇත.

සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කරවා ගැනීම සඳහා කටයුතු කරන ශ්‍රී ලාංකික නීති නියෝජිත කණ්ඩායමට ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන අය ඇතුළත් වේ.

අනෝජන් සිවරාසාගේ ඥාතීන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ ඔහු නිදහස් කරදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු විය. ඒ අනුව රිසානාට සිදුවූ දේ අනොජන්ට නොවීමට ආණ්ඩුව වගබලා ගතයුතු වේ. එසේම ඉන්පසුව හෝ විදෙස් ගතවන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සුබසාධනය ඉලක්කකරගත් වැඩපිළිවෙලක් හඳුන්වා දීම ද ආණ්ඩුවේ වගකීමක් විය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...