අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා දීම ඔවුන්ගේ පටු දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් සංදර්ශනාත්මකව භාවිතා කරමින් සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

මෙරට උසස් අධ්‍යාපනය ලබන, ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍යන්ට මාසික දීමනාවක් ලබා දීම සඳහා ඇරඹි මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මගින් මේ වන විට සිසුන් දහස් ගණනකට ප්‍රතිලාභ අත් කරදී තිබෙයි. එලෙස සරසවි ශිෂ්‍යන් සඳහා ශිෂ්‍යාධාරයක් දිනාගැනීම සඳහා 60/70 දශක තුළදී ක්‍රියාත්මක වූ සිසු සටන්ද “මහපොළ” ශිෂ්‍යාධාරය දිනාගැනීම සඳහා අවශ්‍ය මහජන බලපෑම ගොඩනැගීම සඳහා ඉවහල් වූ බවද ඔවුන්ගේ අදහසයි.

නමුත් මෙරට දශක ගණනාවක් තිස්සේ තට්ටුමාරුවට පත්වන ආණ්ඩු පවත්වාගෙන ආ දූෂිත,සංදර්ශනවාදී, මජර දේශපාලන සංස්කෘතියට අනුව මහපොළ දීමනාව ලබා දීම ඔවුන්ගේ පටු දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් සංදර්ශනාත්මකව භාවිතා කරන ලදී. මෑත කාලීන උදාහරණ ලෙස S.B. දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී මහපොළ ලබාදීම සිදුකලේ එම ශිෂ්‍යත්වලාභීන් සියලුදෙනාම කොළඹට කැඳවා පැවත්වූ දේශපාලන සංදර්ශන රැස්වීමක් තුළයි.

හාස්‍යජන කරුණ නම් වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවද එවැනි රැස්වීමක් අගමැති හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කිරමින් තිබීමයි. 2024/25 වසර කණ්ඩායමේ මහපොළ ලාභීන්ට පැමිණීම අනිවාර්‍ය කරමින් අරලියගහ මැදුරේ රැස්වීමක් සූදානම් කර ඇති අතර එයට සහභාගී නොවන්නේ නම් මහපොළ නොලැබෙන බවටද තර්ජනය කර තිබෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එම සංගමය පවසන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පැවසූයේ පාසල් පවා දේශපාලන සන්දර්ශන සඳහා භාවිතා කිරීම නවත්වන බවයි. පාසල් කෙසේ වෙතත් අද මෙතෙක් කල් නොහැකි වූ විශ්වවිද්‍යාල පද්ධතියද තම පටු දේශපාලන උවමනාවන් වෙනුදෙන් භාවිතා කිරීමට කැසකවමින් සිටී. නිවට පාලකයන් අද සිසුන්ට තර්ජනය කරමින් සිටින්නේ අරලිය ගහ මැදුරට පැමිණ, අමරසූරිය මෙනෙවියගේ පුරාජේරු කතා අසා මහපොල සහතිකය නොගන්නේ නම් මහපොළ ශිෂ්‍යත්වය නොලැබෙන බවයි.

මහජන අරමුදල් මෙලෙස නාස්තිකාර ලෙසත්,තම දේශපාලන සංදර්ශන සඳහාත් භාවිතා කිරීමට මෙම නිවට පාලකයන්ට කිසිඳු අයිතියක් නැත. එම නිසා මෙලෙස මහජන දායකත්වයෙන් පවත්වාගෙන යන අරමුදල් භාවිතා කරමින්, තම දේශපාලන න්‍යායපත්‍රයන් සඳහා උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ද බලහත්කාරගෙන් ගෙන්වාගනිමින් සිදුකිරීමට නියමිත් S.B. පන්නයේ නිවට දේශපාලන සංදර්ශන පිළිකුලෙන්‍ යුතුව හෙළාදකින බවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...