රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් රුපියල් මිලියන 611,374ක ණය ලබාගෙන ඇති බව නවතම විගණන වාර්තාවක් පෙන්වා දී තිබේ.

අධිවේගී මාර්ගවල සාමාන්‍ය වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් මිලියන 3,560.62ක් ලෙස ගණනය කර ඇති අතර, ඒ අනුව පොලී ගෙවීම් නොසලකා ණය මුදල පමණක් ගෙවීමට වසර 171කට වැඩි කාලයක් ගතවන බව විගණනයේදී නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායමෙන් ණය සහ පොලී ගෙවීම් ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මීට අමතරව මෙම විගණන වාර්තාව මගින් තවදුරටත් අධිවේගී මාර්ගවල මුදල් අයකිරීම සම්බන්ධව සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කර තිබේ.

2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 4යි මාස 9ක කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුව ඇති ටිකට්පත් අක්‍රමිකතා හේතුවෙන් මාර්ග සවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614කට අධික ආදායමක් අහිමිවී ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.

අධිවේගී මාර්ග හරහා අපේ රටේ පාලකයන් පම්පෝරි ගසන ආකාරයෙන් රට සංවර්ධනය වීමක් හෝ විදෙස් ආයෝජන ගලා ඒමක් සිදුනොවන බව හෙළිව ඇත්තේ අදක ඊයෙක නොවේ. අපේ රටේ ආර්ථික අර්බුදය සඳහා මෙවැනි අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති බලපාන ලද බව බොහෝ පිරිසක් දන්නා කාරණයකි. එසේ තිබියදී ජාතික ජන බලවේගය ආණ්ඩුවද මෙම ව්‍යාපෘති ඉදිරියට රැගෙන යමින් සිටියි. මෙම ව්‍යාපෘති හරහා සංවර්ධනයේ නාමයෙන් සිදුකෙරෙන්නේ අපේ රටේ ජනතාව වසර ගණනක් ණයකරුවන් බවට පත්කිරීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...