22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් අද (අගෝ: 18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

එය ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආසනවලින් නැගිට පුවරු අතැතිව විරෝධතාව පළ කර තිබේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ඊට අදාළ පනත් කෙටුම්පත ඇතුළත් ගැසට් පත්‍රය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි 2026 අගෝස්තු 07 වන දා නිකුත් කෙරිණි.

2022 වසරේදී ද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 22 වන සංශෝධනයක් ඉදිරිපත් විය. එය වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් පසුව කාරක සභා අවස්ථාවේදී 22 වන සංශෝධනය 21 වන සංශෝධනය ලෙස හැඳින්වීමට යෝජනා කෙරුණු අතර ඊට සභාව එකඟ විය.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඉදිරිපත් කළ සංශෝධන මොනවා ද?
වත්මන් අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ 5 වන අනුව්‍යවස්ථාව සහ 137 වන ව්‍යවස්ථාව මෙමගින් සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව, ‘ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස 67 වන අතර, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස 65 වන්නේ ය’ යනුවෙන් එහි සඳහන් වේ.

ඊට අමතරව, අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු කාල සීමාවක් පිළිබඳව ද එහි දක්වා තිබේ.

ඒ අනුව, ‘අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ ඔහු විනිශ්චයකාර ධූරයට පත්වන දිනයේ සිට වසර 6ක කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය වන්නේ ය.’

තව ද, 137 වන වගන්තිය සංශෝධනය කරමින් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් ’19 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක්’ යන්න වෙනුවට ’24 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක්’ යනුවෙන් සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.

මේ අතර, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයකින් නිකුත් කර ඇති අතර, එමගින් සෙසු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 61 සිට 63 දක්වා වැඩි කිරීමට යෝජිත ය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් විරෝධය පළ කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ද ඇතුළුව සියලු ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ජූලි 27 වන දා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබිණි.

මේ සම්බන්ධයෙන් මේ වනවිට නීති ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් මතුව තිබේ.

එම යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අවස්ථා ගණනාවකදී සිය විරෝධය ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේ වෙතත්, රජය පවසන්නේ නඩු විභාග කිරීම්වල පවතින ප්‍රමාදය වැළැක්වීම සඳහා මෙම වෙනස්කම් සිදුකිරීමට සිදුව ඇති බව ය. නමුත් විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් පමණක් නඩු කටයුතු අවසන් කිරීමට නොහැකි බව මෙයට විරුද්ධව මත දක්වන්නන්ගේ අදහසයි. මේ හරහා ආණ්ඩුව තමන්ට පක්ෂපාති අධිකරණයක් නිර්මාණය කරගැනීමට උත්සහ කරන බව බොහෝ පිරිසකගේ අදහස වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්