මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ බී කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාව අර්ධ අවසන් තරඟය සඳහා බංගලාදේශය පරාජයට පත් කරමින් ඊයේ (සැප්තැම්බර් 06 ) දිනයේදී සුදුසුකම් ලබා ගත්තා . ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්‌ඩායම කඩුලු අටක් දැවී නියමිත පන්දු වාර විස්ස තුළ ලබා ගත්තේ ලකුණු 114 ක් පමණයි . සෝභනා මොස්ටාරි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 36 ක් ලබා ගත්තා . ඩිලාරා අක්ටර් ලකුණු 26 යි . පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක චමරි අතපත්තු දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදී යි . මුල් පෙළ පිතිකාරිනියන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී තරඟයේ වාසිය බංග්ලාදේශ කණ්ඩායම වෙත හැරෙමින් තිබුණා . . පස් වැනි පිතිකාරිනිය ලෙස පිටියට පැමිණි හර්ෂිත සමරවික්‍රමගේ කුණු 48ක අගනා ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 19යි පන්දු 2 දී තරඟය කඩුලු හතරකින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා .
2026 ආසියානු කුසලාන තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස එම තරග ජයග්‍රහණයත් සමඟ අවසන් තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා .
අද පැවති පකිස්ථාන හොංකොං තරගයෙන් හොංකොං කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් කිස්ථානය ජයග්‍රහණය කළ අතර ඒ අනුව අර්ධ අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව හා තරඟ බිමට පිවිසෙන්නේ පකිස්ථානයයි . සැප්තැම්බර් 11 වන දා පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරඟය පැවැත්වීමට නියමිතයි .A කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාව අර්ධ අවසන් තරඟයට සුදුසුකම් ලබා ඇති අතර බොහෝ දුරට ඔවුන්ට බංග්ලාදේශ කණ්ඩායම මුණගැසෙන්නට හැකියාවක් තිබෙනවා .




