තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල් මිල ගණන් එක්වරම ඉහළ දමා නැවතත් පහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබේ.

මෙම මිල සංශෝධනය ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර ප්‍රකාශ කර තිබුණි.

මීට පෙර රුපියල් 210ක් වූ නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 175ක් ලෙස මිල සංශෝධනය කොට තිබේ.

රුපියල් 248ක් ලෙස පැවති දැවිතෙල් ලීටරයක මිල රුපියල් 38කින් පහත හෙළා ඇති අතර, එහි නව මිල රුපියල් 210ක් වනබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඇත්තටම ආණ්ඩුව මිල අඩුකිරීම නමින් කර ඇත්තේ දින කිහිපයකට පෙර ඉහළ දැමූ මිල නැවතත් පරණ තත්ත්වයටම ගෙන ඒමයි. මේ ආකාරයට මිල ඉහළ දැමීම සහ නැවතත් මිල පහළ දැමීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පහත සටහන ලියා තිබේ.

”දින දෙක තුනකට පෙර දැවි තෙල් ලීටරයක මිල රුපියල් 210 සිට 248 දක්වාත්, නැප්තා ලීටරයක මිල රුපියල් 174 සිට 210 දක්වාත් ඉහළ දැමූ බව ඛනිජ තෙල් සංස්ථාව පැවසුවා.
ඉන් පසුව අප පෙරේදා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටියා පෙට්‍රල් මිල අඩුකළ හැකිනම්, සපුගස්කන්ද පිරිපහදුවේ අතුරු නිෂ්පාදන වන නැප්තා හා දැවිතෙල් මිල වැඩි කිරීමේ හේතුව ගැන විමර්ශනයක් සිදු කරන ලෙස.
නැවත මිල අඩු කිරීමක් අද නිවේදනය කර තිබෙනවා. කලින් මිල වැඩි කිරීමේ තීරණය ගත්තේ හේතු රහිතවද? එයට සාධාරණ හේතුවක් තිබුණානම් අද නැවත මිල අඩු කරන තීරණයක් ගන්නේ කොහොමද?
නැතිනම් මේකත් “දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා” වර්ගයේ එකක්ද?”

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...