පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින් ලියාපදිංචි කළ ත්‍රිරෝද රථයකට මාර්ග තදබද නියාමන පොලිස් නිලධාරියෙකු විසින් දඩ නියම කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වීමත් සමඟ, මේ පිළිබඳව පාදුක්ක පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසා ඇති බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ.සේනාධීර සඳහන් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිල අංක තහඩු නිකුත් කිරීමේ පැවති ප්‍රමාදය හේතුවෙන් අංක තහඩු 400,000 කට ආසන්න ප්‍රමාණයක් ලබා දීමට හිඟ සිට පැවති අතර, මෙම ගැටලුව පැන නැඟී ඇත්තේ එම තත්ත්වය පසුබිම් කරගනිමින්.

නිල අංක තහඩු ලැබෙන තෙක් මෙම ප්‍රමාදයෙන් බලපෑමට ලක්වූ වාහන හිමියන්ට සහන කාලයක් හිමිවිය යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරයි.

කෙසේ වෙතත්, ඇතැම් පොලිස් නිලධාරීන් මෙම උපදෙස් පිළිබඳව තවමත් ප්‍රමාණවත් ලෙස දැනුවත්ව නොසිටිය හැකි බව පිළිගත්, ඒ පිළිබඳව රථවාහන නිලධාරීන් නැවතත් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මේ දිනවල ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොලිස් මාධ්‍ය ඒකකය විසින් සමාජ මාධ්‍ය පිටුවක් පවත්වාගෙන යමින් සිටියි. නමුත් ඉහත සිදුවීම හරහා පෙනෙන්නේ ජනතාවට පෙර පොලිස් නිලධාරීන් තමන්ට පැවරී ඇති රාජකාරිය කුමක්ද තමන් නොකළ යුත්ත්තේ කුමක්ද යන්න දැනුවත් විය යුතු බවයි. ජනතාවට කලින් දැනුම හා විනය අවශ්‍ය වී ඇත්තේ පොලීසියටයි. ජනතාව වරදක් කළ විට සළකන්නේ නීතිය නොදැන සිටීම දඬුවමෙන් ගැලවීමට හේතුවක් නොවේ. පොලීසියටත් එය අදාළ විය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...