නීතිඥ සංගමයෙන් අසිත නිරෝෂන්ට අභියෝගයක්

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් අද (24) සිදු කළ අසත්‍ය සහ පදනම් රහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා නිතීඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කළේ, මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජනතාව නොමග යැවීමට සිදු කරන උත්සහයක් බවයි.

මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂ සහගත චේතනාවෙන් කරන ලද ඒවා බව නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබේ.

තමන් වෙත එල්ල කරනු ලබන දේශපාලන ප්‍රහාර සාර්ථක නොවනු ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් වනවා.

ලංකාවේ නීති ප්‍රජාව එකමුතුව සිටින අතර එහි ස්වාධීනත්වයට සහ අඛණ්ඩතාවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ද ඔවුහු පෙන්වා දෙයි.

වරප්‍රසාදවලට මුවාවී සිදු කරනු ලබන මෙම අසත්‍ය ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටත නැවත ප්‍රකාශ කරන ලෙසට නීතිඥ සංගමය, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක් ද එල්ල කර තිබේ.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට අප්‍රසාදය පළකරමින් සිටින අවස්ථාවක එය මග හරවා ගැනීම සඳහා ආණ්ඩුව මෙවැනි ප්‍රකාශ කරන බවට බොහෝ පිරිසකගෙන් චෝදනා එල්ල වේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...