ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල නියම කිරීමේ ක්‍රමවේදය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ සිව්වසරක ලැයිස්තුගත අරමුදල් පහසුකම (EFF) යටතේ වන වැඩසටහන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමත් සමඟ මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇත. මෙම එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වේ.

“දීර්ඝ කාලීනව පවතින මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ, අවදානමට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කරගන්නා අතරම, දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන්වල වෙනස්වීම්වලට අනුකූලව සකස් වීමට ඉඩ හැරීමටත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල නියම කිරීම පවත්වාගෙන යාමටත් රජය කටයුතු කළ යුතුය,” යනුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී ඉවාන් පපාජෝර්ජියු (Evan Papageorgiou) ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

ආණ්ඩුව මීට දින කිහිපයකට පෙර ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල වැඩිවන බව පවසමින් තෙල් මිල වැඩිකරන ලදී. එසේ තිබියදී IMF එක නැවත පැමිණ බර වචන දමා කියන්නේ නැවතත් තෙල් මිල වැඩිකරන ලෙසයි. මේ හරහා බහුතර ජනතාවට සිදුවිය හැකි පීඩනය ගැන ඔවුන්ගේ සැලකීමක් නැත. අපේ රටේ ප්‍රගතිශීලී ජනතාව බහුතරයක් කාලයක සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ එකඟ නොවන ලෙස ඉල්ලා සිටියේ මෙම හේතු නිසාවෙනි. මැතිවරණයට පෙර එම කොන්දේසි නැවත සමාලෝචනය කරන බව පවසමින් බලයට පැමිණි ජාතික ජන බලවේගය ආණ්ඩුවද ජනතාවට කොකා පෙන්වමින් එම කොන්දේසි අනුගමනය කරමින් සිටියි. කෙසේවෙතත් එහි වන්දිය ගෙවන්නට සිදුවන්නේ අපේ රටේ ජනතාවටයි.

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...