Breaking News

ලිට් රූම් සූම් සංවාදයට මෙවර ගිනි ගිනි බෝලේ සමග සබ්බං පහාය ගමනීයං

සමන් විජයසූරිය විසින් රචිත “ගිනි ගිනි බෝලේ – රැලි රැලි මාලේ” කාව්‍ය සංග්‍රහය සහ කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා විසින් රචිත සබ්බං පහාය ගමනීයං කාව්‍ය සංග්‍රහ දෙක පිළිබඳ සංවාදයක් සඳහා  අප්‍රියල් 26 වන ඉරු දින ලිට් රූම් සමූහයේ සූම් අවකාශය විවෘත වෙයි.

එදින සංවාදයේ ප්‍රධාන අදහස් දැක්වීම්  සම්මානිත ජ්‍යේෂ්ඨ කිවියර රන්ජිත් මල්ලියාවඩු විසින් සහ අග්නි දිග විශ්ව විද්‍යාලයයේ සිංහල භාෂා අංශයේ හිටපු ප්‍රධානී, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමරසිරි වික්‍රමරත්න සාහිත්‍යවේදීන් විසින් සිදු කෙරෙනු ඇත. කාව්‍ය ප්‍රිය රසික ඔබ සැමට එම සංවාදයට සහභාගි වන ලෙස සංවිධායකවරු ආරාධනා කර සිටිති.

1989 දි “ඇස් ලැබීම” නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පළ කළ කිවිවර රංජිත් මල්ලියාවඩු මහතා 2025 වසරෙදි මගේ මාර්යාදාව කාව්‍ය සංග්‍රහය ප්‍රකශයට පත් කළේය. ඔහුගේ අනෙක් නිර්මාණ අතර ලමා සාහිත්‍ය කෘතීන් එකොළහක් සහ ගේය පද රචනා එකතු දෙකක් ද ඇත.

පුවත් පත් කාලාවේදියකු සහ අග්නි දිග විශ්ව විද්‍යාලයයේ සිංහල භාෂා අංශයේ හිටපු ප්‍රධානී, ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස අපට හමුවන ආචාර්‍ය අමරසිරි වික්‍රමරත්න මහතා අමාවක ගෙවෙන සඳ නමින් කාව්‍ය සංග්‍රහයක් පල කළේය. අරුණ පුවත්පතේ කාව්‍ය පිටුව සංස්කරණය කරමින් සතියේ “විකුමැස” යොමු වූ කවිය නම් විශේෂංගය හරහා ඔහු ප්‍රවීණ ආධුනික බේදයකින් තොරව කවි කිවිඳියන් අගයමින් මහඟු අත්වැලක් සපයා දුන්නේය. 

කවියෙකු සහ ගේය පද රචකයකුද ලෙස සාහිත්‍යයේ නියලෙන කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා මහතා වෘත්තියෙන් රෙදිපිළි වර්ණ ගැන්වීම පිළිබද විශේෂඥයකු දැනුමක් සහිත ව්‍යාපාරිකයෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහ 1986  දි  “විංශතිය” නමින් පළවිය. එතැන් සිට 2026 දක්වා කාව්‍ය සංග්‍රහයන් හයක් මුද්‍රණයෙන් එළි දක්වා ඇත. ඔහුගේ අලුත්ම කාව්‍ය කෘතිඅ මවු බිමේ සන්ධ්‍යාව කාව්‍ය සංග්‍රහය පළ වූයේ 2026 වසරේදී ය. විවිධ සාහිත්‍ය සම්මානයන්ට පාත්‍ර වී ඇති ඔහුගේ කාව්‍ය නිර්මාණ අතරින් ලිට් රූම් සංවාදය සඳහා තෝරාගෙන ඇත්තේ 2025  වසරේදි පළ වූ ” සබ්බං පහාය ගමනීයං” කාව්‍ය සංග්‍රහය වෙතට යි. “නුඹ මාලතී” සහ “කළු කුරුලු ගී” නමින් යුත් ගේය පද රචනා අඩංගු කෘතීන් දෙකක් ද ප්‍රකාශයට පත්කර ඇති ඔහුගේ සමහර ගේය පද දිවයිනේ ගායක ගායිකාවන්ගේ මධුර හඩින් ඔබට  අසන්නට පුළුවන.

පාසල් සමයේ පටන් පුවත්පත් කලාවේ නියැලෙන සමන් විජේසූරිය මහතා  1990 දශකයේ මුල් භාගයේ ඉතා ජනප්‍රිය වූ  අරලිය, සඳරේණු ආදී පුවත්පත් කියවන්නන් අතර මහත්සේ ජනප්‍රිය වූ කොටස් වශයෙන් පළ වූ  ආදර කතා රචකයෙකි.

ඔහු කවි ලොවට පිළිපන්නේ 2006 දළඹුවෝ සහ සමනල්ලු නමින් ආඛ්‍යාන කාව්‍ය සංඝ්‍රයක් පළකරමින් ය. එතැන් පටන් 2024 වසර වනතුරු, කාව්‍ය සංග්‍රහ හතරක් මුද්‍රණයෙන් පළකර ඇත. 2012 දි ප්‍රකාශයට පත් කළ ගොල්ගොතාවේ සීපද කාව්‍ය සංග්‍රහය එම වසරේ දී විද්‍යෝදය සම්මාන අවසන් වටයට නිර්දේශ විය. සමන් විජේසූරිය 2026 වසරේදී ආදර අහස්නා (යොවුන් නවකතාව), නිදිගත් නූපුර ( කෙටි කවි )Fluttering in a Cyclone (English poetry ) නමින් කෘතින් ත්‍රිත්වයක් මුද්‍රණයෙන් එළි දැක්වීමට සූදානමින්  සිටින්නේය. ගීත රචකයෙක් සහ පොත් කවර නිර්මාණශිල්පියකු ලෙසද කටයුතු කරන සමන් විජේසූරිය මහතා, ගිනි ගිනි බෝලේ- රැලි රැලි මාලේ කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළේ 20224 වසරේදීය.

අප්‍රියල් 26 වන ඉරු දින, පස්වරු හතට සූම් අවකාශයේ දි දිග හැරෙන ලිට් රූම් සංවාද මාලාවේ 15 අංගයට සහභාගි වන ලෙස එම සමූහය ඔබ සැමට ආරාධනා කර සිටියි.

සූම්සංවාදයට සම්බන්ධ වීමට පහත සඳහන් හැඳුනුම් අංකය හා මුර අංකය භාවිත කරන්න. නැතහොත් “සාහිත සංවාද” යු ටියුබ් චැනලය හරහා සජීවී ව නරඹන්න.

Meeting ID: 845 8577 1133

Passcode: 805451

නිරෝෂ ප්‍රනාන්දු

leave a reply