විකල්පයක් ඉදිරිපත් නොකර නීතිය පමණක් ක්‍රියාත්මක කරන විට ඇතිවන තත්ත්වය ඛේදජනක සහ අමානුෂීය මුහුණුවරක් ගන්නට තියෙන ඉඩකඩ වැඩියි. සිදුකළ යුත්තේ ඉබාගාතයේ ගිය මානව සම්පතක් ශිෂ්ටාචාරගත කිරීමද? එහෙමත් නැත්නම් අවිධිමත් ක්‍රමයකට හැඩ ගැසී සිටින මානව සම්පතක් ක්‍රමානුකූලව විධිමත් ක්‍රියාවලියක් ඇතුළේ හැසිරවීම ද?
මෙවැනි ප්‍රශ්න පැන නැගුණේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරි සරන පුවතක් හේතුවෙනි . සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකතට කිරි උතුරවන්න, කිරිබත් උයන්න, අලුත් අවුරුද්දේ ආහාර පාන පිසින්න අපේ ජනතාව අලුත් හට්ටි මුට්ටි මිලදී ගන්න එක සිරිතක් . මෙවැනි උත්සව කාලයට තමයි කුඹල් කර්මාන්තයේ යෙදෙන ජනතාවටත් වැඩිපුර ආදායමක් උපයාගන්නට අවස්ථාව සැලසෙන්නේ. විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේදී පාරවල් අයිනේ, පොළවල්වල , නගර මධ්‍යයේ පුංචි ඉඩක් තියෙන තැන්වල අලුත් මැටි වලං කිණීම සාමාන්‍ය දෙයක්. නත්තල් කාලෙට නත්තල් ගස් විකිණීම , වෙසක් කාලෙට වෙසක් කූඩු හදලා විකිණීම , සිංහල දෙමළ අලුත් අවුරුදු කාලෙට මැටි වලං මිලට ගෙන පුංචි ලාභයක් තියාගෙන විකුණන එක තාවකාලික රැකියා කරන අයගේ පුරුද්දක් .
මොනරාගල වැල්ලවාය නගරයේ වෙනත් අවුරුදු වල වගේම අලුත් අවුරුද්දට ජනතාවට අවශ්‍ය කරන අලුත් හට්ටි මුට්ටි පාර අයිනේ තියාගෙන විකුණමින් සිටි තාවකාලික වෙළඳුන් පිරිසක් නගර සභා බලධාරින් සහ පොලිසිය එක්ව ඉවත් කරන්නට ගෑමේදී සිදුවූ ආරවුල හේතුවෙන් අපහසුතාවට ලක්වූ එම වෙළෙඳුන්ගේ දුක් ගැන විල්ල සාධාරණය .
නගරය පිරිසිදුව ලස්සනට තබා ගැනීමටත් මෙවන් වෙළඳුන්ගේ රැකියාවට බාධාවන් ඇති නොවීමටත් අවශ්‍ය කරන වැඩ පිළිවෙළක් නිර්මාණය කරන තුරු සංක්‍රාන්ති කාලයක් ලබාදීම නව මාවතක් හොයන පිරිසක් වේ නම් වුන්ගේ ප්‍රමුඛ කටයුත්ත විය යුතුයි . එසේ නොමැතිව එක රැයින් දේවල් වෙනස් කරන්නට යෑමෙන් සිද්ධ වන්නේ මෙවන් ගැටුම් නිර්මාණය වීමයි .

* ඔබට වුවමනා නම් නගරයේ ලස්සනට තබා ගැනීමටත් දිනපතා ජීවත් වෙන්න වෙහෙස දරන මිනිස්සුන්ගේ හදවත තලන්නෙ නැතුව ඔවුන්ගේ රැකියාවටත් අවස්ථාවක් සලසා දෙන්නට මෙවන් කඩ ව්‍යාපෘති කොච්චර ලස්සනද නගරයට උත්සව සමයට .
* මෙවැනි ඔබමොබ ගෙනියා හැකි කුඩා කඩ නගර සභාවකට ප්‍රාදේශීය සභාවකට නඩත්තු කළ හැකියි. සාධාරණ මිලකට උත්සව සමයේ තාවකාලික වෙළඳුන්ට ලබාදීමටත් හැකියි.
* විධිමත් කිරීම තුළින් පැවැත්මත්, ලස්සනත්, සතුටත්, විනෝදයත්, අලංකාරයත් ආරක්ෂා කර ගත හැකි.







