ඉරාන තානාපති සහ පෙරටුගාමී නියෝජ්ත හමුවක්

ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිත පිරිසක් අතර හමුවක් 2026 මාර්තු 26 ඉරාන තානාපති කාර්යාලයේදී පැවැත්වුණි. එක්සත් ජනපදය හා ඊශ්‍රායලය විසින් ඉරාන ජනතාවට එරෙහිව ගෙන යනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව දිගින් දිගටම විරුද්ධ වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඉරාන ජනතාව මත එල්ල කර ඇති අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව එරට ජනතාවගේ අරගලයට සහාය පළ කළේය . එසේම ඉරානයේ දේශපාලන අනාගතය තීරණය කිරීමට අයිතිය ඇත්තේ එරට ජනතාවට බව අවධාරනය කරන පෙ.ස.ප., බටහිර අධිරාජ්‍යවාදීන්ට හෝ ඔවුන්ගේ රූකඩයන්ට එය තීරණය කිරීමට අයිතියක් නැති බව එහිදී අවධාරණය කළා .

ඉරානයට එරෙහි මිලිටරි ප්‍රහාර ඇතුළු බලහත්කාරයන් වහාම නවතන ලෙස බලකරමින් විරෝධතා සංවිධානය කළ පෙ.ස.ප. විදේශයන්හිදීත් පැවති එවැනි විරෝධතාවලට සහභාගි විය.

ඉරාන තානාපතිවරයා සමඟ පෙ.ස.ප. නියෝජිතයන් කළ සාකච්ඡාවේදී ලංකාවේ වාමාංශික ව්‍යපාරයේත් ප්‍රගතිශීලි ජනතාවගේත් සහයෝගය ඉරාන ජනතාව වෙත ප්‍රකාශ කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...