ඉරාන තානාපති සහ පෙරටුගාමී නියෝජ්ත හමුවක්

ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිත පිරිසක් අතර හමුවක් 2026 මාර්තු 26 ඉරාන තානාපති කාර්යාලයේදී පැවැත්වුණි. එක්සත් ජනපදය හා ඊශ්‍රායලය විසින් ඉරාන ජනතාවට එරෙහිව ගෙන යනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව දිගින් දිගටම විරුද්ධ වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඉරාන ජනතාව මත එල්ල කර ඇති අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව එරට ජනතාවගේ අරගලයට සහාය පළ කළේය . එසේම ඉරානයේ දේශපාලන අනාගතය තීරණය කිරීමට අයිතිය ඇත්තේ එරට ජනතාවට බව අවධාරනය කරන පෙ.ස.ප., බටහිර අධිරාජ්‍යවාදීන්ට හෝ ඔවුන්ගේ රූකඩයන්ට එය තීරණය කිරීමට අයිතියක් නැති බව එහිදී අවධාරණය කළා .

ඉරානයට එරෙහි මිලිටරි ප්‍රහාර ඇතුළු බලහත්කාරයන් වහාම නවතන ලෙස බලකරමින් විරෝධතා සංවිධානය කළ පෙ.ස.ප. විදේශයන්හිදීත් පැවති එවැනි විරෝධතාවලට සහභාගි විය.

ඉරාන තානාපතිවරයා සමඟ පෙ.ස.ප. නියෝජිතයන් කළ සාකච්ඡාවේදී ලංකාවේ වාමාංශික ව්‍යපාරයේත් ප්‍රගතිශීලි ජනතාවගේත් සහයෝගය ඉරාන ජනතාව වෙත ප්‍රකාශ කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්