අගමැති හමුවට නොපැමිණි ගුරුවරුන්ගෙන් කරුණු විමසයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 15 වැනි දින තංගල්ල නගර සභාවේ පැවති ගුරුභවතුන්ගේ හමුව සඳහා ගුරුවරුන් සහභාගී නොවීම සම්බන්ඳයෙන් හේතු පැහැදිලි කරන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය මාර්තු 15 වනදා තංගල්ල නගර සභා ශාලාවේදී පැවති මෙම විශේෂ හමුව සංවිධානය කර තිබුණේ හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ අරමුණිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළේ 2027 වසරේ සිට 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බවයි. මෙම නව පද්ධතිය සාර්ථක කර ගැනීම සඳහා ගුරුවරුන්ගේ දායකත්වය ගැන අගමැතිවරිය අදහස් පළකර තිබුණි.

අදාළ හමුවට සහභාගී නොවීම සම්බන්ඳයෙන් එළැඹෙන මාර්තු 26 වැනි දිනට පෙර හේතු පැහැදිලි කළ යුතු බව සඳහන් කරමින් තංගල්ල,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය විසින් සියලු විදුහල්පතිවරු වෙත ලිපියක් නිකුත් තර ඇත.

මෙම හමුව සඳහා ගුරුවරුන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණි. මෙම හමුවට සහභාගී නොවීම හරහා පෙනෙන්නේ නව ආණ්ඩුව සම්බන්ධයෙන් ගුරුවරුන් තබා තිබූ බලාපොරොත්තුව බිඳ වැටීමේ අසතුට බව බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වමින් පවසා තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...