ඉන්ධන මිල සූත්‍රය ගැන ආණ්ඩුව දෙගිඩියාවක

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ දී නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ලබාදුන් පිළිතුරු පරස්පරතාවවයක් සහිත එකක් බව පෙනේ.

එම පිළිතුර හරහා ඉන්ධන මිල සූත්‍රය ගැන අදහස සහ ඉදිරියේදී නැවතත් සූත්‍රය අනුව මිල වැඩිවේද යන්න ගැන අපැහැදිලිතාවයක් මතුව තිබේ.

අප්‍රේල් 1 වැනිදා ඉන්ධන මිල වැඩිවීමක් සිදු නොවන බව කී හෙතෙම ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක බව ද කීය.

ලෝක වෙළෙඳපොලේ තෙල් මිලේ ඇති වූ දැඩි උච්චාවචනයන් හේතුවෙන් එම සූත්‍රය ප්‍රායෝගිකව යොදාගැනීමට අපහසු තත්ත්වයක් පවතින බවද ඔහු සඳහන් කර ඇත.

මාධ්‍යවේදීන් නැවත නැවත කළ ප්‍රශ්න කිරීමේදී, ඇමැතිවරයා පැවසුවේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ මිල සූත්‍රය අනුව මිල සංශෝධනය කළ හැකි නමුත්, බොර තෙල් මිල ඩොලර් 70 සිට 130 දක්වා ඉහළ යාම වැනි විශාල වෙනස්වීම් වලදී එය ගැළපීම අපහසු බවයි.

එහෙත්, “මිල සූත්‍රය ක්‍රියාත්මකද?” යන ප්‍රශ්නයට පිළිතුරු දීමේදී, එය ක්‍රියාත්මක බව පවසමින්, පසුගිය සංශෝධන සූත්‍රයට අනුව සිදු නොවූ බවද ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රකාශයන් හේතුවෙන්, ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ අපැහැදිලිභාවයක් ඇති බව පෙනී යයි.

ඇතැම් පිරිස් පවසන්නේ ඉදිරියේදී ඉන්ධන මිල සූත්‍රය අනුවද මිල වැඩිකිරීමට ආණ්ඩුවේ සූදානම සම්බන්ධයෙන් වන දෙගිඩියාව සැඟවීම සඳහා මෙම පිළිතුරු ලබාදෙන්නට ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...