අමරකීර්ති නඩු තීන්දුව සහ යුක්තිය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කර තිබීම සම්බන්ධයෙන් විවිධ අදහස් පලවෙමින් පවතියි.

ඉකුත් අරගල සමයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී හිටපු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කළ බව සඳහන් කරමින් විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (11) යළි ගම්පහ මහාධිකරණයේ දී කැඳවනු ලැබූ අතර, එහි දී මෙම තීන්දුව ලබා දෙනු ලැබ ඇත.

ඒ විනිසුරු සහන් මාපා බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරු මඩුල්ල ඉදිරියේ දී යි.

කෙසේ නමුත් එහි දී සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර සියලුම චෝදනාවලින් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව තීන්දු කළේ, පැමිණිල්ල සාධාරණ සැකයෙන් ‌ඔබ්බට එම චෝදනා ඔප්පු කර නොමැති බව තීන්දු කරමිනුයි.

එහි දී රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන මහාධිකරණ විනිසුරුවරුන් තීන්දු කළේ, සියලුම චෝදනා සම්බන්ධයෙන් චූදිතයන් 23 න් දෙනෙකු පමණක් නිදොස් කොට නිදහස් කිරීමටයි.

එහි දී අනෙකුත් චෝදනාවලින් පළමු චෝදනාව වූ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් චූදිතයන් සිව් දෙනෙකු වැරදිකරුවන් ලෙස හඳුනාගත් එම විනිසුරුවරු දෙපළ එම සිව් දෙනා සඳහා මාස 6 ක සිර දඬුවමක් නියම කරමින් එම දඬුවම අවුරුදු 5 කට අත්හිටුවනු ලැබූ අතර, මරණකරුවන්ගේ බිරින්දෑවරු සඳහා රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ගෙවිය යුතු බව හා දඩයක් වශයෙන් රුපියල් 10,000 ක මුදලක් ගෙවිය යුතු බව තීන්දු කර සිටියා.

මෙහි දී ඝාතනය කිරීමේ චෝදනාවට සහ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ 12 දෙනෙකු සඳහා අධිකරණය විසින් මරණ දඬුවම නියම කිරීමටයි අධිකරණය තීන්දු කරනු ලැබුණි.

මෙම සිදුවීම සිදුවූවේ මහින්ද රාජපක්ෂගේ මැරයන් පිරිසක් විසින් සාමකාමී ගෝල්ෆේස් අරගලයට පහරදීමේ සිදුවීමෙන් පසුයි. එහිදී රාජපක්ෂලා විසින් සංවිධානය කොට තිබූ රැස්වීමට සහභාගී වීමෙන් පසු නිවස වෙත යමින් සිටි මන්ත්‍රීවරයා මෙම සිදුවීමට මුහුණ දී තිබුණි.

රටේ ජනතාව තම කෝපය පළකිරීම සිදුවන්නේ ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමෙන් අනතුරුවයි.

එසේම එම මොහොතේ ඉදිරිපත්වූ සාක්ෂිවලින් පැවසුනේ මෙම මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා සිය ගිනි අවියෙන් වෙඩි තබා තිබූ බවයි. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබුණි.

එවැනි තත්ත්වයකදී මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා මරාදැමීම ගැන පමණක් අවධානය යොමුකිරිම ගැන සමාජ මාධ්‍ය හරහා ප්‍රශ්න කෙරෙමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...