ලිඛිත දැනුම් දීමක් එවා ගෝඨ අදත් අධිකරණය මඟහරි

Date:

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධාන කටයුතුවල නිරතව සිටියදී රාජපක්ෂ ආණ්ඩු සමයේ දී ලලිත් – කුහ්න් සහෝදරවරුන් පැහැරගෙන අතුරදන් කිරීමට එරෙහිව ගොනු කළ හබයාස් කොපුස් පෙත්සමට අදාළ මහේස්ත්‍රාත් විමර්ශනය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදි අද ( 2026. 02. 06 ) දින විභාගයට ගන්නා ලදී.

ඒ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා මාධ්‍යවෙත දැක්වූ අදහස්.

” 2011 අවුරුද්දෙදි යාපනය අධි ආරක්ෂිත කලාපයේදී තමයි අපේ පක්ෂයේ ලලිත් කුමාර් වීරරාජ සහ කූහන් මුරුගානන්දන් සහෝදරවරුන්ව පැහැරගෙන අතුරදන් කළේ. මේ පැහැරගැනීමට ඍජුවම ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයි. ඒකට අදාළව සාක්ෂි රැසක් අපි අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම අධිකරණය මගහරිමින් ඉන්නවා. ඔහු බයයි උසාවියට ඇවිල්ලා සාක්ෂි දෙන්න. ඒ නිසා ආරක්ෂාව ගැන බොරු කිය කිය දිගටම යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට එන එක ඔහු ප්‍රතික්ෂේප කළා. පසුගිය නඩු වාරයේදී යාපනය මහේස්ත්‍රාත්වරයා ගෝඨාභය රාජපක්ෂට අධිකරණයට එන්න නොහැකි වීමට පිළිගත හැකි හේතු දක්වන්න කියලා නියෝග කරලා තිබුණා. අද නඩුව කැඳෙව්වේ ඒ සම්බන්ධයෙන්. ඔවුන් අද ලිඛිතව යම් කරුණු ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව ඊට අදාළව අපේ අදහස් දක්වන්න අධිකරණය ලබන මාර්තු 6 වෙනිදට දින ලබා දුන්නා.

අපි දකිනවා පහුගිය කාලෙම ගෝඨාභය රාජපක්ෂ කිසිම ප්‍රශ්නයක් නැතුව කොළඹ පුරා ඇවිදිනවා. මහින්ද රාජපක්ෂ යන හැමතැනටම වගේ ගෝඨාභයත් යනවා. එහෙම ඇවිදිනකොට නැති ආරක්ෂක ප්‍රශ්නයක් යාපනය උසාවියට එනකොට විතරක් මතුවෙන්නේ කොහොමද ? අනිත් එක තමයි කොළඹ ප්‍රදේශයේ තමයි වැඩිම පාතාල ක්‍රියා සිදු වෙන්නේ. මේ යාපනේ කවුරුවත් තුවක්කු අරගෙන ඇවිදින්නෙ නැහැ. ඒ නිසා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ජීවිත තර්ජන නිසා උසාවි එන්න බැහැ කියනවනං ඒක සම්පූර්ණ බොරුවක්. ඔහු මේ උත්සහ කරන්නේ අධිකරණය මගහරින්න. මොකද මේ අතුරදන් කිරීමට ඔහු පැහැදිලවම සම්බන්ධයි.

අපි දන්නවා රාජපක්ෂලා කරපු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලින් ලලිත් – කුහන් අතුරදන් කිරීම කියන්නේ එකක් විතරයි. මාධ්‍යවේදීන්, දේශපානලන ක්‍රියාධරයින් ඇතුළු උතුරේ දකුණේ දහස් ගණන් ඝාතනවලට අතුරදන් කිරීම්වලට රාජපක්ෂලා වග කියන්න ඕන. හැබැයි ඒවට ආදාළව අධිකරණයක දැනට විභාග වෙන එකම නඩුව මේක. ඒ නිසා අපි සූදානම් නෑ මේ නඩුව මෙතනින් හකුළගන්න. මේ ඝාතනවලට අතුරදන් කිරීම්වලට යුක්තිය ඉටු වීම අවශ්‍යයි. ගෝඨාභය ඇතුළු රාජපක්ෂ කල්ලියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඇතුළේ විතරයි අපිට ඒ යුක්තිය දිනාගන්න පුලුවන් වෙන්නේ. ඒ නිසා අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාරග ගන්නවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන යුක්තිය සාධාරණත්වය ගැන කතාකරන සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා මේ සටන වටා එකතුවෙන්න කියලා. “

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...