වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම මුලාවක්ද?

Date:

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 400කින් ඉහල දමන බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද මේ වන විට එය ගැටළු කාරී වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් පවසනවා.

වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කිරීමත් සමග වතු හාම්පුතුන් විසින් සේවකයෙක් දිනකට කැඩිය යුතු දළු කිලෝ ප්‍රමාණය 20 සිට 25 දක්වා වැඩි කර ඇති බව ඔහු සඳහන් කළා. දමිළ ප්‍රගතිශීලී සංවිධානය විසින් කැඳවූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඒ අනුව වැටුප් වැඩි වීමේ ප්‍රතිලාභය සැබෑ ලෙසම සේවකයන් වෙත ලැබෙන්නේ ද යන්න පිළිබඳව මේ වන විට බරපතල සැකයක් මතු වී තිබේ. මෙහිදී මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ, වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු සමාගම් විසින් කම්කරුවන්ගේ වැඩ ප්‍රමාණය ද අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති බවයි.

දිගම්බරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන පරිදි, රජය වැටුප් වැඩි කිරීමේ තීරණය ගැනීමත් සමඟ වතු ක්ෂේත්‍රය තුළ ගැටලුකාරී තත්ත්වයන් රැසක් නිර්මාණය වී ඇත. පවතින දේශගුණික තත්ත්වයන් සහ වතුකරයේ ස්වභාවය අනුව දිනකට අමතර කිලෝග්‍රෑම් 5ක් නෙළීම කම්කරුවන්ට දැඩි වෙහෙසක් ගෙන දෙන කාර්යයකි. නියමිත දළු ප්‍රමාණය (Target) සම්පූර්ණ කිරීමට නොහැකි වන සේවකයන්ට පූර්ණ වැටුප ලබා ගැනීමට නොහැකි වන පරිදි කොන්දේසි පැනවීම හරහා රජය ලබා දුන් රුපියල් 400ක සහනය ව්‍යර්ථ වී යන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

“ආණ්ඩුව වැටුප් වැඩි කළා කිව්වට, වතු සමාගම් කරන්නේ ඒ මුදල කම්කරුවාගෙන් වැඩිපුර වැඩ අරගෙන පියවා ගන්න එකයි. මේක සේවකයන්ට සහනයක් නෙවෙයි, තවත් බරක් පැටවීමක්.” ඒක නිසා අපි ආණ්ඩුවට කියන්නේ වහාම මේ කොම්පැණි එක්ක සාකච්ඡා කරළා මේකට විසඳුමක් දෙන්න. එහෙම නැත්නම් අපිත් එක්ක තරහ වෙන්න එපා, අපි වෘත්තීය සමිති ඔක්කොම එකතු කරගෙන උද්ගෝෂණ, වැඩවර්ජන කරනවා… යනුවෙන් ඔහු එහිදී සඳහන් කර සිටියා. තමන් බලයේ සිටියදී මෙම කොම්පැණි මෙසේ නොකළ බවත් ඔවුන් අධික ලබන බවත් සඳහන් කරමින් ඔහු කියා සිටියේ කම්කරුවෙකු එක කිලෝ අඩුවෙන් කැඩුවද ගෙවන්නේ පඩි භාගයක් බවයි.

මීට පෙර වතු කම්කරු ජනතාව පවිච්චි කරමින් බලයට පත් පලනි දිගම්බරම්ලාව ජනතාව ප්‍රතික්ෂේප කර වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදුන්නේ අලුත් බලාපොරොත්තු සහිතවයි. නමුත් දැන් පෙනෙන්නට තිබෙන්නේ එම බලාපොරොත්තු සුන් වී ඇති ආකාරයයි. කෙසේවෙතත් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ පලනි දිගම්බරම්ලාමයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...