ආසිරි රෝහල වැඩි මිලට බෙහෙත් විකුණලා

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු චෝදනාවන් කියවා දීම සඳහා කොළඹ ආසිරි පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා ඊයේ (21) නියම කර තිබේ.

නේවාසික රෝගියකුට වැඩිමිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව බවටත් එම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්‍ෂවරුන් වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කළ මහේස්ත්‍රාත්වරිය, චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට නියම කර ඇත.

එලෙස අධිකරණයට කැඳවන ලද්දේ අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් වන අශෝක පතිරගේ, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න, ඉන්දියානු ජාතිකයින් වන විශාල් බාලී. අන්තූර් නාන්ද් තදානි සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් කිසිවකුත් අධිකරණයේ පෙනී නොසිටි අතර පෞද්ගලික රෝහලේ නියෝජිතවරයකු සහ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු පමණක් අධිකරණයේ පෙනී සිට ඇත.

නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර විසින් අදාල පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

Share post:

Popular

More like this
Related

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...

‘හොඳ’ ඩඩ්ලි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’...