ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණියේ සංවිධායකවරු සංවිධානය කර තිබුණු තරුණ සමුළුවකට ජනවාරි 18 වන දා නාමල් රාජපක්ෂ සහභාගි වුණා. මේ සමුළුව සංවිධානය කර තිබුණේ ප්‍රසන්න රණවීරගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වූ ආරාධිත කතිකයෙක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිළින්ද රාජපක්ෂ ප්‍රසන්න රණවීරලාගේ කළු ඉතිහාසය මතක් වන කතාවක් කළා .
ඔහු ඒ කතාව කළේ ප්‍රසන්නගේ ගුණ වයන්නට වුවද ගුණ ගයන්නට ගත් උදාහරණයෙන් සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන ඉතිහාසයේ කළු මතකයක් අවදි වීමයි .
මිලින්ද රාජපක්ෂ මොකක්ද කීවේ .
මට හමුවුණා ප්‍රසන්න රණවීර කියලා නියෝජ්‍ය ඇමති කෙනෙක්. මං ඒ වෙලාවේ කොර වුණා. මං ඒ වෙලාවේ හිතුව ඇත්තටම මේ මිනිහව හම්බෙන්න ඕනෑ කියලා .මේ මිනිහ මර වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්නේ . මේ මිනිහට කිව්වොත් මුලු ලංකාවේම මිරිස් වවල මිරිස් කුඩු කරලා පිටරට යවයි කියලා මට හිතුනා . ඕනෙ නම් අගය එකතු කරලා වුණත් යවන්න පුළුවන් . මිළින්ද රාජපක්ෂ එහෙම කියන විට ප්‍රසන්න රණවීර හරි ලැජ්ජාවෙන් ඇඹරෙනවා අප දුටුවා . සමහර විට මිනිහටත් ක්ෂණිකවම අර පරණ සිද්ධිය මතක් වෙන්න ඇති .
එහෙම නැත්නම් සෙනඟ ගොඩේ මොනවත් කර කියා ගන්න දෙයක් නැති හින්ද ලැජ්ජාවෙන් ඇඹරෙන්න ඇති . මං හදපු වේදිකාවේ මමම එන්න කියලා මටම කෝචොක් දාන එකෙන් මටමයි ලැජ්ජා කියලා හිතෙන්නත් ඇති. මොනවා උනත් මොකක්ද මේ පරණ සිද්ධිය .
2018 මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ කළ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස එම වසරේ ඔක්තෝබර් මාසයේ ඇති වූ “දින 52 ආණ්ඩුව” සමයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මෙරට දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් කළ සිද්ධියකි. එවකට පැවති දේශපාලන අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට උත්සාහ කළ අවස්ථාවේදී, සභාගැබ තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. එහිදී කථානායක කරු ජයසූරිය මහතාට සභාගැබට පැමිණීමට බාධා එල්ල වූ අතර, මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක අසුන වටකරමින් විරෝධය පෑහ.
පාර්ලිමේන්තු දේපළවලට මයික්‍රොෆෝන, පොත්පත් ආදියට හානි කරමින් පිස්සන් සහ මොළයක් නැති පිරිසක් ලෙස හැසිරුණු ප්‍රසන්න රණතුංග ඇතුළු කල්ලිය එම නොසන්සුන් අවස්ථාවේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් වතුර මිශ්‍ර කළ මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කලා.
මෙම සිදුවීමට අදාළව ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව චෝදනා එල්ල විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සිදුකළ විමර්ශන අනුව පාර්ලිමේන්තු CCTV පරීක්ෂා කිරීමෙන් අනතුරුව, මිරිස් කුඩු ප්‍රහාරයට සහ පාර්ලිමේන්තු දේපළවලට හානි කිරීමට සම්බන්ධ වූ බවට සැකකෙරෙන මන්ත්‍රීවරුන් අතර ප්‍රසන්න රණවීර නමද සඳහන් විය. මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කළ බවට සෘජුවම රූපවාහිනී දර්ශන හරහා හඳුනාගැනුණේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ය.
මිළින්ද රාජපක්ෂගේ ඉහත ප්‍රකාශය හරහා යළි කරළියට පැමිණියේ මේ කළු මතකයයි .






