ජාන්නි රොදාරිගේ ළමා කතන්දර – 2

නරියාගේ අවමංගල්‍යය

දිනක් කිකිළියන්, අඩි පාර මැද නරියකු වැටී සිටිනු දුටුවා . උගේ ඇස් පියවී තිබුනා . වලිගය සෙල වුනේ නැහැ .

  • මිය ගිහිල්ලා… මිය ගිහිල්ලා … කිකිළියන් කෑ මොර දුන්නා .. අපි මුගේ අවසන් කටයුතු කරමු .

ඔවුන් නරියාගේ අවසන් කටයුතු සඳහා සූදානම් උනා . මරණයේ පණිවිඩය දැනුම් දීමට ඝණ්ඨාරය නාද කළා . කුකුලා මිණි වල හාරන්නට තණ පිට්ටනියට ගියා . ඔවුන් ලස්සනට අවමංගල්‍යය කටයුතු සූදානම් කළා . කුකුල් පැටවුන් මිනිය ළඟ තැබීමට මල් ගෙන ආවා . මියගිය නරියාගේ දේහය මිණිවලේ තැන්පත් කරන්නට සූදානම් වෙත්ම ඌ පෙට්ටියෙන් එලියට පැන කිකිළියන්ව කා දැමුවා.

මේ පුවත සුළඟක් වගේ කුකුළු කොටුවෙන් කුකුළු කොටුවට පැතිර ගියා. කුකුල් රේඩියෝවේ පුවත විකාශය වුණා . නරියා ඒ ගැන ලොකුවට හිතන්න ගියේ නැහැ. ටික කාලයක් ගතවෙන්නට ඉඩ හැරියා. වෙනත් ගමකට ගොස් පෙරසේම අඩි පාරක් හරස් කොට වැතිර මැරුණා සේ ඇස් පියා ගත්තා .

ඒ ගමේ කිකිළියොත් පාරේ වැටී සිටින නරියා දැක කෑ මොර දුන්නා .

  • මිය ගිහිල්ලා… මිය ගිහිල්ලා … අපි මුගේ අවමංගල්‍යය කටයුතු කරමු .

කිකිළියන් කළු ඇඳුමෙන් සැරසුනා . මරණයේ ඝණ්ඨාරයද නාද කළා . කුකුලා බඩ ඉරිඟු යායේ කොනක නරියාගේ මිණි වල හෑරුවා .

ඒක හරි ලස්සන අවමංගල්‍යයක් . කුකුල් පැටවුන්ගේ අවමංගල්‍යය ගී ගායනාව ප්‍රංශයට ඇසුනා .

මිනී වල වෙත ළං වෙත්ම නරියා පෙට්ටියෙන් එළියට පැන අවමංගල්‍යයට සහභාගි වූ සියලු දෙනා කා දැමුවා .

මේ පුවත සුළඟක් වගේ කුකුල් කොටුවෙන් කුකුල් කොටුවට පැතිර ගියා. ඒ පුවත රූපවාහිනියේ ප්‍රචාරය වුණා . ඒවා අසා නරියා බියට පත්වුණේ නැහැ . කුකුළන්ට තියෙන්නේ කෙටි මතකයක් බව නරියා දැනගෙන හිටියා . එනිසා නරියා මුළු ජිවිත කාලයම කලේ මැරුණා සේ වැතිර සිටිමයි .

කවුරුන් හෝ කුකුළන් සේ වැඩ කරනවා නම් ඒකෙ තේරුම මේ කතාව නොතේරුණු බවයි.

ජාන්නි රොදාරිගේ “දෝස සහිත පොතේ” කතන්දරයක්.

හිල්මි සුපුන් | තරුෂ පෙරේරා

චිත්‍රය | තරුෂ පෙරේරා

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...