Breaking News

6  ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ට 

අද ජනවාරි 13 වන දා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසා සිටියේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ 6 ශ්‍රේණියේ විශේෂන් ඉංග්‍රීසි මටියු‍ලේ තිබෙන සමහර දේවල් සම්බන්ධයෙන් සහ තවත්කරුනු කීපයක් සම්බන්ධයෙන් සමාජයේ යම් ව්‍යාකූලත්වයක් පැන නැගී ඇති හෙයින් එය 2027 වසරේ ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවයි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියේ  අවම අවිස්වාසයක් තබාගෙන අධ්‍යාපන ප්‍රසිසංස්කරණ  ඉදිරියට කරගෙන යෑමට නොහැකි බව රජයක් හැටියට ඔවුන් විශ්වාස කරන බවයි. එම පදනමේ සිට ඇතිවී තිබෙන තත්ත්වය ද සැලකිල්ලට ගෙන තීන්දුව ගත් බව   ඒත්තු ගැන්වීමට ඔහු උත්සාහ කළා.

ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලයට අදාළව සිදු කරන ලද පරීක්ෂණවලට අදාළ ව හෙළිදරව් වූ කරුණු පදනම් කරගෙන ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින්, මේ ගැටලුවට වගකිවයුතු නිළධාරීන් හට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම නිළධාරීන්ට එරෙහිව කඩිනමින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම් බවත්, මේ සම්බන්ධයෙන් ගැඹුරින් සහ දීර්ග ලෙස ඊයේ දින රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් අමාතයවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

leave a reply