විදුලි සේවක වර්ජනය ඉදිරියටම

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී නිසි ක්‍රම වේදයක් අනුගමනය නොකිරීම ඇතුළු ගැටළු සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 4 වෙනිදා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අද (16) සිට තීව්‍ර කරන බවයි.

ඒ අනුව හෙට (17) සහ අනිද්දා දින වල සියලු සේවකයින් කණ්ඩායම් දෙකක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත අතර රජය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව එම දින දෙක තුළ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමටද තීරණය කළ බව ඔහු සඳහන් කර ඇත. තවද ඔවුන් විසින් රැකියාවට අමතරව සම්බන්ධ වෙන ටෙන්ඩර් කමිටු සහ අනිකුත් කමිටු වලින් ඉවත් වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර ඇත.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද අදහස් දක්වමින් ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ කැමති කෙනෙකුට වන්දි මුදලක් ලබාගෙන අස්වී යාහැකි අතර කැමති කෙනෙකුට සිටිය හැකි බවයි.

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නගන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම සඳහා වන මාධ්‍ය සාකච්චාවක් බල­ශක්ති ඇමැති, ඉංජි­නේරු කුමාර ජය­කොඩි විසින්ද ඊයේ (15) පවත්වා තිබුණි.

“ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සිදු කිරී­මේදී කිසිදු සේව­ක­ය­කුට ගැට­ලු­වක් වන්නේ නෑ.

පසු­ගිය මාසයේ 06 වැනිදා පාර්ලි­මේ­න්තුවේ සම්මත වූ ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ පනත සංශෝ­ධන ඉදි­රි­යට ක්‍රියා­ත්මක කිරී­මට තිබෙ­නවා. එම පන­තට අනුව ප්‍රධාන ආය­තන හත­රක් වෙන් කර තිබෙ­නවා. ජනන, සම්ප්‍රේ­ෂණ, බෙදා හැරීම සහ පද්ධති පරි­පා­ල­නය ලෙස ආය­තන වෙන් කර තිබෙ­නවා. 23,000කට ආසන්න සේවක පිරි­සක් මේ ආය­ත­න­වල සේවයේ යෙදෙ­නවා. මේ සිය­ලුම සේව­ක­යන් මේ ආය­තන හත­රට අනු­යුක්ත කර­නවා. ප්‍රධාන ආය­තන හත­රම රජය සතුයි. සිය­යට සිය­යක් කොටස් හිමි මහා භාණ්ඩා­ගා­රය සතු සමා­ගම් හත­රක් ලෙස මේවා තිබෙ­නවා.

සේව­ක­යන්ට මාස දෙක­කදී කැමැත්ත මත ස්වේච්ඡා­වෙන් විශ්‍රාම ගන්නා ක්‍රම­යට ප්‍රති­චාර දැක්වී­මට අව­ස්ථාව දී තිබෙ­නවා. දාය­කත්ව විශ්‍රාම වැටුප් අර­මු­ද­ලක් සේව­ක­යන්ගේ තිබෙ­නවා. සේවක භාර­කාර අර­මු­ද­ලක් තිබෙ­නවා. ඒ දෙක එකතු කර තවත් ආය­ත­න­යක් පිහි­ටුවා තිබෙ­නවා. මහ­ජන උප­යෝ­ගිතා කොමි­සම හරහා ෆන්ඩින් ආය­ත­න­යට අනු­යුක්ත කිරී­මක් ද තිබෙ­නවා. මෙම­ඟින් සේව­ක­යන්ගේ රැකියා සුර­ක්ෂි­ත­භා­ව­යට කිසිදු හානි­යක් වෙන්නේ නෑ. කැමැත්ත මත සේව­යෙන් ඉවත් විය හැකියි.

සේව­ක­යන් ගෙදර යවන්න කිසිදු අව­ශ්‍ය­තා­වක් ආණ්ඩු­වට නෑ. නීති­මය අව­ශ්‍ය­තා­වක් මත ස්වේච්ඡා­වෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රම­වේ­දය සකස් කර තිබෙ­නවා.

රටේ පව­තින වන්දි සූත්‍ර­යට එහා ගිය ප්‍රති­ලාභ සහි­තව සේව­ක­යන්ට මේ විශ්‍රාම ක්‍රමය දෙනවා. ඉහ­ළම සේව­ක­යන්ට උප­රිම රුපි­යල් ලක්ෂ 50ක වන්දි­ය­කුත් පහළ සේව­ක­යන්ට උප­රිම රුපි­යල් ලක්ෂ 25ක වන්දි­ය­කුත් ලෙස වර්ගී­ක­ර­ණය කර තිබුණා. එය අපි වෙනස් කර­නවා. සේව­ක­යන් හැමෝම අපට වටි­නවා. ඉහළ සහ පහළ භේද­යක් නොමැ­තිව උප­රිම වන්දිය රුපි­යල් ලක්ෂ 50 දක්වා දෙනවා.

සේව­ක­යන්ට ඉවත් වන ලෙසට පෙල­ඹ­වී­මක් කරන්නේ නෑ. ආණ්ඩු­වට මේ ආය­තන කඩා බිඳ දැමී­මට කිසිදු අව­ශ්‍ය­තා­වක් නෑ. පන­තට අනුව සියලු දේ කර­නවා. අලු­තින් අධ්‍යක්ෂ මණ්ඩල පිහි­ටුවා තිබෙ­නවා.

පසු­ගිය ආණ්ඩුව යටතේ අගෝ­ස්තු­ව­ලින් පසුව සේව­ක­යන් 12,000ක් ඉවත් කරන්න සැල­සුම් කර තිබුණා. ආය­තන 12කට ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය කැඩෙන්න තිබුණා. වෘත්තීය සමිති දකි­න­වාට වඩා සංයුක්ත විදි­යට බලා අපි වැඩ කර­නවා. ලංකා විදු­ලි­බල මණ්ඩ­ල­යට ප්‍රායෝ­ගික නොවන ඉල්ලීම් ද සිදු කර තිබුණා. වෘත්තීය සමිති දකි­න­වාට වඩා සංයුක්ත විදි­යට අපි මේ දේවල් දෙස බල­නවා. එක පැත්තක් බලලා ප්‍රශ්න විස­ඳු­වාම ඇතැම් විට ජන­තාව අප­හ­සු­තා­වට පත් වෙනවා. එහෙම නොවන්න තමයි අපි වැඩ කරන්නේ. ප්‍රති­ඵල ඉදි­රි­යට ලැබේවි. සැක සංකා තිබූ ඒවා බොහෝ ප්‍රමා­ණ­යක් අපි නැති කර තිබෙ­නවා. ආය­තන හොඳ විදි­යට හදලා ගොඩ­ගැ­නී­මට අපි කට­යුතු කර­නවා.”

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...