නිශාන්ත උළුගේතැන්න යළිත් රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව එළැඹෙන සැප්තැම්බර් මස 24 වනදා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නාවික හමුදාවේ බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේදී 2010 වසරේදී අලව්ව ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

2020 ජූලි මස 15 වැනිදා 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගත් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සිය ධුර කාලය අවසන් වීමෙන් පසු 2022 දෙසැම්බර් 18 වැනිදා නාවික හමුදාපති ධූරයෙන් විශ්‍රාම ගොස් ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...