අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව එළැඹෙන සැප්තැම්බර් මස 24 වනදා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
නාවික හමුදාවේ බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේදී 2010 වසරේදී අලව්ව ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
2020 ජූලි මස 15 වැනිදා 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගත් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සිය ධුර කාලය අවසන් වීමෙන් පසු 2022 දෙසැම්බර් 18 වැනිදා නාවික හමුදාපති ධූරයෙන් විශ්‍රාම ගොස් ඇත.