Breaking News

නේපාලයට රනිල්ගෙන් උපදෙස්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිදී වඩා සිත්ගන්නා සුළු කාරණයක් වන්නේ, ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම් වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව විවර වීම කිසි ලෙසකින්වත් අවතක් සේරු කළ නොහැකි බවට ඔහු සිය නිවේදනයේ සදහන් කර තිබීමයි.

ඇමරිකාව විසින් කුමන්ත්‍රණකාරීව රටවල්වල ආණ්ඩු වැට්ටවීම සඳහා මෙවැනි අරගල ඇති කරන බව පසුගිය කාලයේ මතු කරනු ලැබුවේ ජාතිකවාදීන් විසිනි. අපේ රටේ අරගලය සම්බන්ධයෙන් ද ජාතිකවාදීන්ගේ අදහස වූවේ එයයි.

සෑම මොහොතකම ඇමරිකාව සරණ යමින් සිටින රනිල් වික්‍රමසිංහට අරගලවලදී පමණක් ඇමරිකානු කුමන්ත්‍රණ මතක් වීම විහිළුවකි.

රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරන්නේ නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බවයි.
එලෙසම හිටපු අග්‍රාමාන්‍යවරයාගේ නිවසට ගිනිතබා හිටපු අගමැනි බිරිඳ ඝානනය කිරීම අනිශය ශෝකජනක තත්ත්වයක් බවත් ඒ සම්බන්දයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් හිටපු ජනපති සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

එසේම ඇමනිවරුන්ට සහ විශේෂයෙන්ම විදේශ ඇමතිනියට පහරදීමද ඇති වූ ඛේදවාචකයේ තවත් දිගවක් බව පවසන ඔහු එමගින් කාන්නා අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය වි තිබෙන බව නිවේදනයේ සඳහන් කර සිටි.

මෙවැනි ක්‍රියා මගින් නේපාලයේ කීර්ති නාමයට පහර වදින බවත් එය අවනම්බුවක් බවත් රනිල් සඳහන් කරයි.

එහිදි ඔහු සිය නිවේදනයෙන් පවසන්නේ සෑම අයෙකුම දකුණු ආසියානු සම්ප්‍රදාය අනුව එදිනෙදා දේශපාලනය කිරීම මිස උග්‍ර ප්‍රශ්නවලට විසඳුම් සෙවීමක් සිදු නොකල හෙයින් තරුණ පරපුර අතර විශාල කලකිරීමක් හට ගෙන තිබු බවයි.

එවන් පසුබිමක සමාජ මාධ්‍ය ආරක්ෂණය නොකර ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හේතුවෙන් අර්බුධය පුපුරා ගිය බවත් සිය නිවේදනයෙන් හිටපු ජනපතිවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස සැලකෙන්නේ ඒවා තුළ සිටින පුද්ගලයන් පදනම් කරගෙන නොවන බවත් පාර්ලිමේන්තුවටන්, අධිකරණයටත් ගිනි තැබීම් නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයක් බවත් එහි සඳහන්වේ .

අවසානයට ඉතිරි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති නේපාලයක් බවත් රට තුළ සාමය ඇති කර ව්‍යවස්ථානුකූලව ඡන්ද පැවැත්වීම පාලනය බලය ගත් හමුදාවේ වගකීම බවත් එම නිවෙදනයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ උපත ලැබූ රටක මේ ආකාරයේ මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි වුවත් රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවය ද මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ යැයි සිතීය හැකි බව රනිල්ගේ නිවේදනයේ සඳහන් වනවා.

අවසන් ලෙස හිටපු ජනපති සිය නිවේදනයෙන් පවසන්නේ බුදුන් දේශනා කළ “සප්ත අපරිහානී ධර්මය” නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

leave a reply