පොදු දේපළ අවභාවිතය – සාමාන්‍ය ජනතාවට මාස 3යි , රනිල්ට දවස් 3යි

දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6 ක රජයේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් මිලියන 5 බැගින් වූ ඇප තුනක් මත ඇප ලබා දී ඇත.

වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ඔක්තෝබර් 29 වන දිනට නියම කරන ලදී.

පෞද්ගලික විදේශ සංචාරයක් වෙනුවෙන් රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවීමෙන් පසු සිකුරාදා හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලදී.

මෙය ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාවයි.

රනිල්ට චෝදනා එල්ල කර තිබුනේ පොදු දේපළ පනත යටතේයි. සාමන්‍යයෙන් පොදු දේපලක් අවභාවිතා කිරීම හෝ හානි කිරීම මාස 03ක ඇප රහිතව රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු දැකිය හැක. විශේෂයෙන් අරගලවල නිරත ශිෂ්‍යන් අත්අඩංගුවට ගෙන ඇප ලබා නොදෙන අවස්ථා බොහෝ විට වාර්තා වේ. ඒ ඉතා සුළු වශයෙන් සිදුවෙන පොදු දේපල හානි වෙනුවෙනි.

නමුත් මිලියන ගණනින් අවභාවිත කරද රනිල්ට හිමිවූවේ දවස් තුනක සිර දඬුවමක් පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...