පොදු දේපළ අවභාවිතය – සාමාන්‍ය ජනතාවට මාස 3යි , රනිල්ට දවස් 3යි

දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6 ක රජයේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් මිලියන 5 බැගින් වූ ඇප තුනක් මත ඇප ලබා දී ඇත.

වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ඔක්තෝබර් 29 වන දිනට නියම කරන ලදී.

පෞද්ගලික විදේශ සංචාරයක් වෙනුවෙන් රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවීමෙන් පසු සිකුරාදා හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලදී.

මෙය ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාවයි.

රනිල්ට චෝදනා එල්ල කර තිබුනේ පොදු දේපළ පනත යටතේයි. සාමන්‍යයෙන් පොදු දේපලක් අවභාවිතා කිරීම හෝ හානි කිරීම මාස 03ක ඇප රහිතව රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු දැකිය හැක. විශේෂයෙන් අරගලවල නිරත ශිෂ්‍යන් අත්අඩංගුවට ගෙන ඇප ලබා නොදෙන අවස්ථා බොහෝ විට වාර්තා වේ. ඒ ඉතා සුළු වශයෙන් සිදුවෙන පොදු දේපල හානි වෙනුවෙනි.

නමුත් මිලියන ගණනින් අවභාවිත කරද රනිල්ට හිමිවූවේ දවස් තුනක සිර දඬුවමක් පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...