චෙම්මනියෙන් මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස් හමු වෙයි

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය අසල සිව් වන අදියරේ කැණීම් කටයුතුවල පස් වන දිනය (ජූලි 25) අවසාන වන විට මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස් මතු කරගෙන ඇතැයි කැණීම් නිලධාරීන් පවසා තිබේ.

ඔවුන් පැවසුවේ, මෙම ස්ථානයෙන් මේ දක්වා මිනිස් සිරුරු 81කට අදාළ අස්ථි කොටස් භූමියෙන් ගොඩගෙන ඇති බව ය.

යාපනය පොලිසිය වෙත පැවරී තිබුණු පරීක්ෂණ කටයුතු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු කෙරේ.

සිව් වන අදියරේ කැණීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අගෝස්තු 4 වන දා දක්වා දින 15ක් පුරා සිදු කිරීමට නියමිත ය.

තෙවන අදියරේ කැණීම් කටයුතු ජූනි 26 වන දා සිට ජූලි 10 වන දා දක්වා දින 15ක කාලයක් සිදු කෙරිණි.

මෙම ස්ථානයෙන් හමුවන අස්ථි කොටස් සහ භාණ්ඩ අංකනය කර වෙන් කිරීම ද සිදු කෙරෙන අතර ඒවා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා පිරනවන්ගේ අධීක්ෂණය යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා හා මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ ගබඩා කිරීම හා ආරක්ෂා කිරීම සිදු කෙරේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...