Breaking News

විජේවීර ඝාතනය ගැන නැගෙන චෝදනාවලට එරෙහි තෝරදෙණිගේ නඩුව විසිකරයි

විශ්‍රාමික බ්‍රිගේඩියර් තෝරදෙනිය හමුදා සේවයේ නියුතුව සිටියදී රෝහණ විජේවීර ඝාතනය කිරීමට සම්බන්ධ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වාගේ චෝදනාවට එරෙහිව වාරණ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ නඩුව ප්‍රතික්ෂේප කර තිබේ.

අද එම නඩුවේ තීන්දුව ලබාදුන් අතර අධිකරණය විසින් නඩුව නිෂ්ප්‍රභා කර වාරණ ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කරන ලදී.

එහිදී ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසුවේ,
” රෝහණ විජේවීර ඝාතනය පිළිබඳව රූපවාහිනියට සමාජ මාධ්‍යයට පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය විසින් මා හට පවරා තිබූ නඩුව අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මා හට විරුද්ධව පැවැති සියලු චෝදනාවලින් මා නිදහස් කරනු ලැබුවා..මෙම නඩුව දමා තිබුණේ online සේප්ටි බිල් පනතෙන්..නඩුවේදී අපේ ලිඛිතව කරුණු පෙන්වා දුන්නා අවුරුදු තිහකට පමණ කාලයක සිට මෙම කරුණු අපි රට ඉදිරියේ එළිදරව් කරලා තියෙන බවත් මේක අලුතෙන් කියන කාරණයක් නොවන බවත්..ඒ වගේම 1996 නොවැම්බර් මාසයේදී මම හිර ගෙදර ඉඳන් නීතිපතිට යවපු දියරුම් පෙස්සමක් හරහා මෙම කරුණු සවිස්තරාත්මකව එළි දක්වලා තියෙන බවත්..තවදුරටත් අපි ලිඛිතව කරුණු පෙන්වා දුන්නා මුලු රට පුරා තිබිච්ච වධකාගාරවලට මම ජායරූප ශිල්පියෙක් ලෙස රාජකාරී වශයෙන් ගිහිල්ලා මරා දාපු අයගේ ඡායාරූප ගත්තු ඒවා… මගේ ඇස් ඉදිරියේ මම ඒ වගේ අය මරා දානවා ඒවා දැකපු ඒවා සියල්ල හෙළිදරව් කරලා තියෙන බව…දැන් නඩුවේ මා නිදහස් කරලා තියෙන මොහොතේ මම ආණ්ඩුවට අභියෝග කරනවා දැන්වත් රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ සියලු මිනීමරුවන්ට නිත්‍යනුකූලව ක්‍රියාමාර්ග ගන්න කියලා .විශේෂයෙන් දැන් බලයේ ඉන්නේ ඔහු නායකත්වය දීපු පක්ෂයේ වර්තමාන නායකයා. එතකොට වගකීමක් තියෙනවා තවදුරටත් කර අරින්නේ නැතුව තමන්ගේ නායකයා අමු අමුවේ පණපිටින් මරලා දාපු මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා..”

leave a reply